JAT Holdings කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවිම අගෝ. 12 දා

පසුගියදා කොළඹ කොටස් හුවමාරුවෙහිදී සිය මහජන කොටස් නිකුතුව සිදුකළ JAT Holdings සමාගම සිය කොටස් එහි ලැයිස්තුගත කිරිම ලබන අගෝස්තු 12 වැනිදා සිදු කරන බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව එහි සියලුම ගනුදෙනුකාර පාර්ශ්වයන් වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී සිටියි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි මෙම ලැයිස්තුගතවීම සිදුවන බවත් එහි කර්මාන්ත කාණ්ඩය යටතේ JAT Holdings සමාගම ලැයිස්තුගත කෙරෙන බවත් සඳහන් වෙයි.

JAT-N-0000 යන කේතය යටතේ මෙම ලැයිස්තුගතවීම සිදු කිරිමට නියමිතව තිබේ.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට මෙහිදී JAT Holdings සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලැයිස්තුගත කිරිමක් සිදුවන බවත්, එහිදී කොටස් 510,407,773ක් ලැයිස්තුගත කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 206