Daraz දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගන්වයි

ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) එදිනෙදා මුහුණපාන ගැටළු රැසකට උපකාරී වෙමින් Daraz 50, 000 කට අධික ශ්‍රී ලාංකික ව්‍යවසායක පිරිසක් සවිබල ගන්වා ඇතැයි පවසයි.

භාණ්ඩ හා සේවා අලෙවි කරගැනීමේ සහය සහ වෙළෙඳපොළ සකස්කර ගැනීමෙහිලා උපකාර, තාක්ෂණික දැනුම ලබාදීම හා තාක්ෂණික සහයෝගය ලබාදීම යනාදී සේවාවන් රැසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් Daraz මේ වනවිටත් ඉටු කරමින් සිටියි.

එහිදී Daraz සමෘද්ධි දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ඇත. Daraz ඒ හරහා මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 500 කට අධික ව්‍යවසායක ප්‍රජාවක් ඩිජිටල් වාණිජ ලෝකයට විවරකොට පුහුණු කරමින් මිලියන 1. 5 කට අධික දෙස් විදෙස් නව පාරිභෝගික පිරිසක්ද හඳුන්වා දීමට සමත්ව සිටින්නේ සෘජුව භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ පහසුකම් සලසා දෙමිනි.

ශ්‍රී ලාංකීය කාන්තා ප්‍රජාව දේශීය ආර්ථික සංවර්ධනය උදෙසා ඵලදායී ලෙස යොමුකර ගැනීම දිරිගන්වමින් කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත් කිරීමේ විශේෂ වැඩසටහනක්දDaraz ක්‍රියාත්මක කරනු ලබයි.

අන්තර්ජාල අලෙවිකරණය පිළිබඳ නොමිලේ පුහුණුව, නොමිලේ නිෂ්පාදන ඡායාරූපගත කිරීමේ සේවාව සහ නොමිලේ ඇසුරුම් අමුද්‍රව්‍ය ලබාදීම හරහා ආදායම් වැඩිකරගැනීමට උපකාරී වෙමින් Daraz කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වයි. මිලියනයකට ආසන්න ප්‍රමාණයක භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් දිනකට පුද්ගල පැමිර්‍ණම් 250,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන Daraz.lk වෙබ් අඩවිය හරහා එම කාන්තා ව්‍යවසායිකාවන් හට තමන්ගේ නිෂ්පාදන අලෙවිකරගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

“Ceylon Market” අවකාශය හරහා දේශීය ව්‍යවසායකයන්ගේ 100% ක් ශ්‍රී ලාංකීය හා හස්ත කර්මාන්ත නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙඳපොළට හඳුන්වාදෙමින් Daraz දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයේද නියැලී සිටියි. දේශීය නිෂ්පාදකයන්ගේ ඇඳුම් පැළඳුම්, පාවහන්, ගෘහභාණ්ඩ යනාදියත් දේශීය ශාක සාර නිෂ්පාදනයන් ආදී නිෂ්පාදන ක්ෂේත්‍ර රැසක් ඒ සමග ප්‍රතිලාභ ලබයි.

Visits: 113