පිට පිටම 17 වන වසරටත් කොමර්ෂල් බැංකුව මෙරට ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවට පත්වෙයි

සුප‍්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේදීද කොමර්ෂල් බැංකුව තෝරා ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළදා පටන් මේ දක්වා සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන පහ අතරට පැමිණීමට සමත්ව ඇත.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ව්‍යාපාර ලැයිස්තුවට විවිධාංගීකරණය වූ සමාගම්, ඇඟලූම් මෙන්ම විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම් සහ ජාත්‍යන්තරව වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූ බහු ජාතික සමාගම් ඇතුළත් විය.

LMD සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ තෝරාගැනීමේදී කරුණු 10ක් කෙරෙහි අවධානය යොමුකරන අතර මූල්‍ය කාර්ය සාධනය, අවංකත්වය, ගුණාත්මකභාවය, කළමනාකරණ කළඹ, ධෛර්යවන්තභාවය, ආයතනික සංස්කෘතිය, දැක්ම, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ ජාතික හැඟීම එම කරුණු අතරට අයත් වේ. මෙම කරුණු 10 ට අමතරව මෙවර අළුතෙන්ම ‘මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය’ සහ ‘අර්බුද කළමනාකරණය’ යන කරුණු දෙක ද ඇතුළත් කර ඇත.

මෙම කරුණු 12 අතුරින් හතකට අනුව කොමර්ෂල් බැංකුව මෙරට ආයතනික අංශයේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට 2021 වසරේදී වර්ගීකරණය කර තිබෙන අතර මූල්‍ය කාර්ය සාධනය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය මෙන්ම අර්බුද කළමනාකරණයට අනුව ශ‍්‍රී ලංකාවේ ඉහළම වර්ගීකරණය ලබාගත් බැංකුව බවටද පත්ව තිබේ.  

Visits: 72