OPPO සමාගම Under-Screen Camera (USC) තාක්ෂණයේ නවතම අදියර එළිදක්වයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO, ස්මාර්ට් දුරකථන සඳහා භාවිතා වන Under-screen Camera (USC) තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කර එළිදැක්වීමට පසුගියදා කටයුතු කළ බව පවසයි.

නවතම දෘඪාංග තාක්ෂණයන් සමගින් OPPO සතු AI algorithms භාවිතා කරමින් සැලසුම් කර ඇති මෙය, ස්මාර්ට් දුරකථන වල ඉදිරිපස තිරයට යටින් කැමරාව යෙදීමේ තාක්ෂණය නව මානයකට රැගෙන යයි.

Under-screen Camera තාක්ෂණය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම නොයෙකුත් තාක්ෂණ හා නිෂ්පාදන දුෂ්කරතා වලට මුහුණ දීමට දුරකථන සමාගම් වලට සිදුවී තිබිණි. කැමරාව පිහිටි ස්ථානයේ තිරයේ දර්ශන වල ගුණාත්මක බව අඩු වීම, තිරය මගින් කැමරාවට බාධා ඇතිවීම නිසා ඡායාරූප වල ගුණාත්මක බව පහළ යාම මෙන්ම විශ්වාසනීයත්වය හා කල්පැවැත්ම සම්බන්ධ ගැටලු ආදිය මේ අතරට ඇතුළත් විය. එහෙත් නව තාක්ෂණය සමගින් මෙම ගැටලු බොහොමයකට විසඳුම් ලබාදීමට OPPO සමත් වී තිබේ.

නව තාක්ෂණයේ පික්සල් ජ්‍යාමිතිය මගින්, පික්සල් සංඛ්‍යාව අඩු නොකර සෑම පික්සල් එකකම ප්‍රමාණය කුඩා කරමින්, කැමරාව පිහිටි ස්ථානයේ පවා 400-PPI වැනි උසස් තත්ත්වයේ දර්ශන ලබාදෙයි. එමෙන්ම සාම්ප්‍රදායික රැහැන් තාක්ෂණය වෙනුවට නව විනිවිද පෙනෙන රැහැන් ක්‍රමයක් භාවිතා වීමද තිරයේ දර්ශන වල ගුණාත්මක භාවය ඉහළ යාමට හේතු වී ඇත.

නව Under-screen Camera තාක්ෂණය මගින් කුඩා අකුරු වඩාත් පැහැදිලි ලෙස දැක්වීම සහ වර්ණ හා දර්ශන සුපැහැදිලිව ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, දුරකථනය භාවිතයෙන් පොත් කියවීම, පුවත් කියවීම හා සිතියම් පරීක්ෂා කිරීම වැනි කටයුතු වල යෙදීමේදී ද දුරකථනය භාවිතා කරන්නන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමි වේ. එමෙන්ම විවර්තනය නිසා ඇතිවන ගැටලුවිසඳමින්, වඩාත් පැහැදිලි හා ස්වාභාවික ඡායාරූප ලබාදිය හැකි ආකාරයට සිය කෘත්‍රිම බුද්ධි ආකෘතිය වැඩිදියුණු කිරීමට OPPO සමත් වී ඇත.

වඩාත් විශාල screen-to-body අනුපාතයන් මෙන්ම ස්මාර්ට්ෆෝන් වල හැඩය හා ප්‍රමාණය ආදිය සම්බන්ධයෙන් පාරිභෝගික ඉල්ලීම් වෙනස් වන ආකාරය අනුව, වඩාත් උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දීම සඳහා අවශ්‍ය පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ආයෝජනයන් සිදුකිරීමට OPPO කටයුතු කර තිබේ. 2018 වසරේ සිට මේ දක්වා OPPO සමාගම Under-screen Camera තාක්ෂණය සම්බන්ධ තම ප්‍රථම යෝජිත ප්‍රමිතීන් එකතුව ජාත්‍යන්තර විද්‍යුත්- තාක්ෂණික කොමිසම (International Electrotechnical Commission) වෙත ඉදිරිපත් කිරීමට OPPO කටයුතු කළේ ය. ප්‍රධාන අංශ 7 කට (Display Transmittance, Reflectance, Uniformity, Gamma Correction, Color Shift, සහ Brightness Decay)අදාළ යෝජනා මෙමගින් ඉදිරිපත් කර තිබේ.

ඉදිරියේදී Under-screen Camera තාක්ෂණය තවදුරටත් දියුණු කරමින්, ඒ ඔස්සේ ලොව පුරා දුරකථන භාවිතා කරන්නන්ට වඩාත් විශිෂ්ට හා තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම OPPO සමාගමේ අරමුණ වී ඇත.

Visits: 85