ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවිමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (LLUB.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා යළිත් වරක් ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021 වසර සඳහා ගෙවනු ලබන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසත් සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 24 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 13 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 117ක් ලෙස සටහන්ව තිබුණි.

පසුගිය ජූනි මාසයේදීද ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම 2021 වසර සඳහා වන සිය පළමු අතරමැදි ලාභාංශ ලෙස රුපියල් 5ක් බැගින් ගෙවිමක් සිදු කර තිබුණි.

Visits: 243