SLIIT නවක සිසුන් සඳහා ඔන්ලයින් සමාරම්භක උළෙලක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT සිය නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය 2021 මැයි මස ‘සූම්’ (Zoom) තාක්ෂණය හරහා සාර්ථකව පැවැත්වූ බව පවසයි.

නවක සිසුන්ගේ සිහින හඹායාම සහ ඔවුන්ගේ අනාගත අධ්‍යයන ගමන සොයා යෑම සඳහා ඔවුන්ව දිරි ගන්වමින් ඔවුන්ගේ නව ආරම්භය පිළිගනිමින් සමාරම්භක උත්සවය පවත්වනු ලැබීය.

SLIIT හි සභාපති හා කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ සමාරම්භක උළෙලට සහභාගී වූ නවක සිසුන් ආමන්ත්‍රණය කෙරිණි.

නියෝජ්‍ය උපකුලපතිවරයා විසින් නවක සිසුන් සාදරයෙන් පිළිගනු ලැබූ අතර, අනෙකුත් පීඨවල පීඨාධිපතිවරුන්ගේ දේශන සහ ඉදිරිපත් කිරීම් ද සිදු විය.

SLIIT හි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ නවක සිසුන් අමතමින් SLIIT තෝරා ගැනීම පිළිබඳව ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. ඔහු පැවසුවේ, “ඔබ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ වාර්තා රැසක් ඔප්පුකොට පෙන්වා ඇති සහ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ආයතනයක ය. පසුගිය වසරේ වසංගත තත්ත්වය අප රටට බලපෑ විට,සිසුන්ගේ නිවසට පන්ති කාමර රැගෙන ආ පළමු ආයතනය අපයි.”

ඔහු සිසුන්ට උපදෙස් දුන්නේ, “සෑම විටම වෘත්තීය හා සදාචාරාත්මකව කටයුතු කරන්න, මේ සියල්ල සාර්ථකත්වයේ අංගයන් වන බැවින් එය ඔබව හොඳින් පරිපූර්ණ වූ පුද්ගලයෙකු බවට පත් කරනු ඇත.” යනුවෙනි.

උත්සවයේ කථිකයින් විසින් නවක සිසුන්ට SLIIT ක්‍රියාකාරකම් වලට සහභාගී වීමටත්, පන්ති කාමර ඇතුළත හා පිටත ඉගෙනුම් අත්දැකීම් ලබා ගනිමින් විශ්ව විද්‍යාල ජීවිතය භුක්ති විඳීම පිළිබඳව දිරිගැන්වූ අතර SLIIT යනු තමන්ගේම සංස්කෘතිය, නවෝත්පාදනයන් සහ ශක්තිමත් සම්ප්‍රදායන්ගෙන් යුත් සුවිශේෂී ආයතනයක් බව නිරීක්ෂණයට ලක් කළේය.

අධ්‍යයන සබඳතා කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂවරයා සිසුන් ආමන්ත්‍රණය කරනු ලැබූ අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඇති අවස්ථාවන් වෙනුවෙන් SLIIT තෝරා ගැනීම පිළිබඳව ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

ලියාපදිංචි කිරීම, මාර්ගගත රැස්වීම්, අධ්‍යයන මාර්ගෝපදේශ පිළිබඳ සැසි හුවමාරු කිරීම ඇතුළු පිළිගැනීමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන සතියේ පෙළගැස්ම සියලුම නවක සිසුන් සඳහා සමාරම්භක උළෙල ආරම්භයෙදීම සඳහන් කළේය. මෙම ක්‍රියාකාරකම් තුළින් සිසුන්ට ඔවුන්ගේ කථිකාචාර්යවරුන් හමුවීමට සහ ඔවුන්ගේ සමකාලීනයන් සමඟ සුහදතාවය ගොඩනඟා ගැනීමටත්, නව පරිසරයට ඉක්මනින් අනුගත වීමටත් දිරිගන්වනු ඇත. මෙම වැඩසටහන මඟින් ඔවුන්ට පාසල් පරිසරයක සිට විශ්ව විද්‍යාල පරිසරයකට සාර්ථකව මාරුවීමට උපකාරී විය.

සිසුන් 300 ක් සමඟ 1999 වසරේදී ආරම්භ වූ SLIIT එවකට එක් පාඨමාලාවක් පමණක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එය අද වන විට 9,500 කට අධික ශිෂ්‍ය ජනගහනයකින් විවිධ වූ ක්ෂේත්‍රයන්හි විවිධ වැඩසටහන් ඉදිරිපත් කරමින් තිබේ. ආයතනයේ බොහෝ ජයග්‍රහණ අතර එහි උපාධිධාරීන්ගේ අඛණ්ඩ ඉහළ සේවා නියුක්ති අනුපාතය 93% කි. අනෙකුත් විශ්ව විද්‍යාල හා සසඳන විට SLIIT, 21 වන සියවසේ සිසුන්ට අවශ්‍ය උපාධිධාරීන් සහ ගෝලීය පුරවැසියන් ලෙස දායකත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය නිපුණත්වය ලබා දෙමින් ඉතා අනාගතවාදී ප්‍රවේශයක් පවත්වාගෙන යනු ලබයි.

SLIIT හි දේශීය හා ජාත්‍යන්තර උපාධි වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර සඳහා සිසුන්ට සහ දෙමාපියන්ට 011 754 4801 අංකය අමතා හෝ info@sliit.lk විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.

Visits: 49