සැම්සුන්ග් වෙතින් ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය සහිත නව මාදිලියේ වායු සමීකරණ පෙළක්

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමයක් වන සැම්සුන්ග් 2021 වසර සඳහා නව මාදිලියේ වායු සමීකරණ පෙළක් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන් බව පවසයි.

මෙයට වැඩිදියුණු කළ ස්මාර්ට් පාලක හා PM 1.0 ෆිල්ටර්ස් සහිත වායු සමීකරණ සහ පහසුවෙන් මාරුකළ හැකි ෆිල්ටර්ස් සහිත ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුතු මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) වායු සමීකරණ පෙළක් ද අයත් වේ.

මෙම නව වායු සමීකරණ පෙළ හඳුන්වා දී ඇත්තේ පිරිසිදු වාතය, බලශක්තිය පිරිමැසීම, පහසුව හා එක් එක් පාරිභෝගිකයාට ගැලපෙන සිසිල් කිරීමේ මාදිලි ආදී සෑම පවුලකම අවශ්‍යතා සපුරාලීම සඳහාය.

ඔබගේ ජීවන රටාවේ අවශ්‍යතාවන්ට ගැලපෙන 2021 වසර සඳහා හඳුන්වා දෙන ලද මෙම නව නිෂ්පාදන පෙළ දැන් Softlogic, Singer, Singhagiri, Damro හා සැම්සුන්ග් e-Store වෙතින් ලබා ගත හැකිය.

ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය සඳහා සැම්සුන්ග් වෙතින් වසර 10ක වගකීමේ සහතිකය සමඟ මෙම ඉන්වර්ටර් වායු සමීකරණ පෙළ වෙළෙඳපොළට නිකුත් කර ඇත. මෙම නව වායු සමීකරණ පෙළෙ හි මිල රුපියල් 134,990 සිට ආරම්භ වන අතර අනෙකුත් වායු සමීකරණ රුපියල් 105,999ක් වැනි මිලකට ඔබට මිලදී ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘‘වායු සමීකරණයක් තවදුරටත් වසරේ එක් කාලයකදී පමණක් භාවිතා කරන නිෂ්පාදනයක් නොවේ. මිනිසුන් නිවසේ සිට වැඩ කිරීම හා ඉගෙනීම් කටයුතු කරනු ලබන මේ කාලයේදී ඔවුන් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ පිරිසිදු වාතය ලබා ගැනීමේ අවශ්‍යතාවය, කල්පැවැත්ම හා බලශක්තිය පිරිමැසීම යන කරුණු පිළිබඳවය. අප සෑමදෙයක්ම කරනු ලබන්නේ පාරිභෝගිකයින් මුල් කරගෙන වන අතර මෙම නව මාදිලි නිෂ්පාදනය කර ඇත්තේ පාරිභෝගිකයින්ගේ ජීවන රටාවන්ගේ සිදු වන වෙනස්කම් සිහිතබා ගෙනයි. අපගේ PM 1.0 හා පහසුවෙන් මාරු කළ හැකි ෆිල්ටර්ස් සහිත නව වායු සමීකරණ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහතික කරන අතර අපගේ මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) ඉන්වර්ටර් වායු සමීකරණ මගින් බලශක්තිය පිරිමැසීම හා ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ට අනුව සැකසීම ද කළ හැකියි. නවතම වේගවත් සුළං රහිත (Wind-Free) වායු සමීකරණ මාදිලියේ ස්මාර්ට් හා AI විශේෂාංග මගින් පහසුබවක් ඇති කරවයි. ශ්‍රී ලංකාවේ වායු සමීකරණ වෙළෙඳපොලේ අපගේ ස්ථානය ඉහළින්ම පවත්වා ගෙන යාමට මෙම නව වායු සමීකරණ මාලාව තවදුරටත් උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් සඳහන් කරයි.

Visits: 45