රේනුකා කැපිටල් වෙතින් ශත 20 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා කැපිටල් පීඑල්සී සමාගම (KZOO.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.

ඒ අනුව මෙම යෝජිත ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලෙස ලබන සැප්තැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අගෝස්තු 23 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් රේනුකා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටත් සමාගම පියවර ගෙන ඇත.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 22දා) රේනුකා කැපිටල් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 6.70ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊට පෙර ගනුදෙනු දිනය වූ ජූලි 20 වැනිදා කොටසක අගය ලෙස පැවැති 6.90ට සාපේක්ෂව ශත 20ක එනම් -2.90%ක පහත වැටීමකි.

2020 මාර්තු 31 වැනිදා වනවිට රේනුකා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් කොටස් 94,401,000ක් එනම් 54.32%ක ප්‍රතිශතයක් රේනුකා එන්ටප්‍රයිසස් (පෞද්) සමාගම වෙත හිමිව තිබේ.

Visits: 191