Teejay Lanka රුපියල් 1.15 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Teejay Lanka PLC සමාගම (TJL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව Teejay Lanka PLC සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.15ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු මාසයේ 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ බව සමාගම සඳහන් කරයි.

මෙහිදි ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන සැප්තැම්බර් 13 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 24 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය වන බවද ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 23 වැනිදා පවත්වන බවද Teejay Lanka PLC සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ (22දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී Teejay Lanka PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 43.00ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර ගනුදෙනු දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 43.50ට සාපේක්ෂව ශත 50කින් එනම් 1.15%ක අඩුවීමකි.

Visits: 233