සොෆ්ට්ලොජික් ලයිෆ් ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් යළිත් ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වූ බව පවසයි.

2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් MDRT සාමාජිකයන් 170ක් බිහි කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම සමාගම් 100 අතර ගෞරවයය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ පූර්ණ ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට සමත් ඉහළ මට්ටමේ වෘත්තීයමය රක්ෂණ උපදේශකයන් බිහිකිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන අඛණ්ඩ කැපවීම අන්තර්ජාතිකව හිමිකර ගනු ලැබූ මෙම ඇගයීම තුළින්  මනාව පිළිබිඹු  වේ.

ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වයේ ඉහළම ප‍්‍රමිතිය ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති MDRT සුදුසුකම ලබාගැනීම සඳහා, සියලු සාමාජිකයින් යාවත්කාලීන වූ වෘත්තීයමය දැනුමෙන් පරිපූර්ණ වීම, නිසි ලෙස වෘත්තීයමය ආචාරධර්ම පිළිපැදීම, සහ විශිෂ්ට ගණයේ පාරිභෝගික සේවාවක් ලබාදීම යනාදියෙන් සමන්විය යුතුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ ලාබාලතම මෙන්ම දේශීය ජීවිත රක්ෂණ සන්නාමයක් ලෙස ලොව හොඳම සමාගම් 100 අතරට එක් වෙමින් ගෞරවයට පත් වීමට ලැබීම අප ලද ඉහළම විශිෂ්ටත්වයක් ලෙස සඳහන් කළ හැකියි. MDRT යනු සේවා දායකයින් සඳහා සේවා සැපයීමේදී ආචාර ධර්ම පිළිපැදීම හා වෘත්තීයමය දැනුවත් භාවය පිළිබඳ ඉහළම ගෝලීය ප‍්‍රමිතියයි. ජීවිත රක්ෂණයන් වෙනුවෙන් අවම ඉල්ලුමක් ජනනය වන ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඉහළ වෘත්තීයමයභාවයක් පවත්වා ගැනීමෙන් අපගේ පාරිභෝගිකයින්ට ඉහළම පෙළේ රක්ෂණ විසඳුම් ලබා දීමට අපි  නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. අපගේ සාර්ථකත්වයේ සුවිසල් ශක්තිය වන්නේ අපගෙ ලයිෆ් ඇඩ්වයිසර් කණ්ඩායම වන අතර, ඉහළ පුහුණුව, උසස් තාක්ෂණික මග පෙන්වීම තුළින් ඔවුන්ගේ වෘත්තීය දියුණුව සඳහා අප ආයතනයේ කැපවීම මෙම අන්තර්ජාතික ඇගයීම තුලින් මනාව පිළිබිඹු වන බව මා විශ්වාස කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඉහළ රක්ෂණ ප‍්‍රමිතීන් සාක්ෂාත් කරගැනීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් හි දැඩි කැපවීමද මින් හොඳින්ම පැහැදිලි වන බව මේ මොහොතේ සඳහන් කළ හැකියි.” යනුවෙන් පැවසීය.

ශ‍්‍රී ලංකාව පුරා මිලියන් 1.5කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් වෙත සිය විශිෂ්ට ගණයේ රක්ෂණ සේවාවන් සළසනු ලබන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට තරගකාරී රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඉහළම ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ඉහළ වෘත්තීය ප‍්‍රමිතීන් හේතුවෙනි.

Visits: 234