බලංගොඩ කැල්සයිට් නිධිය ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලාවක්

ලෝකයේ හොඳම සහ පිරිසිදුම කැල්සයිට් සහිත නිධිය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය උපයෝගී කර ගනිමින් ඒ ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ දිනයේදී සිදුව තිබේ.

පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය හා රාජ්‍ය සමාගමක් වන GSMB TECHNICAL SERVICES සමාගම මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අත්සන් තැබීමේ අවස්ථාව එම අමාත්‍යාංශයේ දී සංවිධානය කෙරී ඇත.

මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් නොගත් මෙම කැල්සයිට් නිධිය තුළින් රටේ ජාතික ආදායම වැඩි කර ගත හැකි පරිදි නිෂ්පාදන ආරම්භ කිරීමට ගිවිසුම් ගත වීම ඉතා හොඳ අවස්ථාවක් බව මෙහිදී පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Visits: 175