සණස සංවර්ධන බැංකුවෙහි දෙවැනි මහජන නිකුතුව අගෝස්තු 05 දා

සණස සංවර්ධන බැංකුව (SDB BANK – SDB.N0000) මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කරන සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස්හි දෙවැනි මහජන නිකුතුව ලබන අගෝස්තු 05 වැනිදා විවෘත කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

කොළඹ කොටස් හුවමාරුව මගින් එහි සියලුම ගනුදෙනු සමාගම් සහ ගනුදෙනු සාමාජිකයන් වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම දෙවැනි මූලික නිකුතුවේදී අදියර දෙකක් යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස්  88,000,000ක් නිකුත් කිරීම සිදු වෙන අතර, කොටසක වටිනාකම රුපියල් 51.50ක් ලෙස සටහන් කෙරී ඇත.

ඉන් පළමු අදියර ලෙස බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 68ක් (68,000,000ක්) ලැයිස්තුගත කිරීම සඳහා මෙන්ම, ඊට හිමිවන අධි ඉල්ලුමත් සමගින් දෙවැනි අදියර ස තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී එක් කොටසක් රුපියල් 51.50ක් ලෙස සමස්ත නිකුතුව හරහා සිදු කරන කොටස් 88,000,000 නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.533ක් වන බවත් බැංකුව අනාවරණය කරයි.

ඒ අනුව පළමු ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 3.5ක් (3,502,000,000ක්) සහ දෙවැනි ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 1.0ක් (1,030,000,000ක්) රැස් කරගැනීම අරමුණ බව සඳහන් වෙයි.

මේ සඳහා වන සංස්ථා ප්‍රකාශය බැංකුව විසින් ඊයේ (ජූලි 19දා) නිකුත් කර තිබේ. හරහා ඒ වෙත පිවිසිය හැකිය. https://cdn.cse.lk/cmt/upload_report_file/1182_1626696673991.pdf

මෙම දෙවැනි මහජන නිකුතුවෙහි මූල්‍යමය උපදේශකත්වය සහ කළමනාකරණය NDB Investment බැංකුව මගින් සිදු කරයි.

Visits: 109