ISM APAC ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට

ගෝලීය වශයෙන් පිළිගෙන ඇති ව්‍යාපාරයේ සිට ව්‍යාපාරයට (B2B) සහ ව්‍යාපාරයේ සිට පාරිභෝගිකයාට (B2C) ඊ-වාණිජ විසඳුම් සපයනු ලබන නෙදර්ලන්ත Sana Commerce හි කොටසක් මෙන්ම ප‍්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් වන ISM APAC ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට පසුගියදා තෙවන වරටත් තේරී පත් විය.

එසේම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ/ආශ‍්‍රිත සේවා ස්ථාන 10 අතරට ද අඛණ්ඩව වසර දෙකක් තේරී පත් වීමට ද ISM APAC හට හැකි වූ අතර මෙහි විශේෂත්වය වන්නේ මෙම ශ්‍රේණිගත කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව පැවති අවස්ථාවන් දෙකෙහිදීම එම නම් කිරීමට ඇතුලත් වීමට සමාගමට හැකි වී තිබීමයි.

2021 වසරේ නවතම විශිෂ්ටතම සේවා ස්ථාන ශ්‍රේණිගත කිරීම අනුව සිව්වන වරටත් සිය අභිමානය එලෙසින්ම සහතික කිරීමට ISM APAC ආයතනය සමත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ISM APAC හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රියන්ත බෙත්මගේ මහතා සඳහන්  කර සිටියේ ‘‘රට තුළ හොඳම තොරතුරු තාක්ෂණ සේවා ස්ථානයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නැවත වරක් පිළිගැනීමට ලැබීම ඉතා නිහතමානීව හා ගෞරවයෙන් යුතුව පිළිගැනීමට කැමතියි. ඒ තුළින් සේවක ප‍්‍රජාවට වෘත්තීය දියුණුවක් හා විශිෂ්ටත්වයක් හිමි කර ගැනීමටත්, පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට මෙන්ම අපගේ සේවාදායකයින් වෙනුවෙන් සුවිශේෂී තාක්ෂණික විසඳුම් ලබා දීමටත් හැකියාව සහිත දේශීය, සුරක්ෂිත හා පරිපූර්ණ පරිසරයක් නිර්මාණය කිරීමට අප දක්වන කැපවීම මනාව පිළිබිඹු වෙනවා. අප බඳවා ගන්නා සියලූ සේවකයින් හැකියාවන්ගේ පිරිපුන් පුද්ගයින් ලෙස පෙන්වා දිය හැකියි. අනාගත නායකයින්ගේ නිවහන ලෙස හඳුන්වා දිය හැකි ISM APAC හි අරමුණ වන්නේ මෙම නායකයින් ඊළඟ මට්ටම වෙත ඔසවා තැබීමයි’’ යනුවෙන් පවසා සිටින ලදී.

COVID-19 වසංගතය හේතුවෙන් ISM APAC ක්‍ හි රැකියා ආකෘතිය සුවිසල් වෙනසකට ලක් විය. එහිදී නිවසේ සිට සිය රාජකාරී සිදු කිරීමට ඔවුන් කටයුතු කළ අතර ඒ තුළින් වර්තමානයේ සමාගම අනුගමනය කරන ධනාත්මක, ඵලදායී හා ද්විත්ව රාජකාරී ක‍්‍රමයක් වෙත පරිවර්තනය කරන ලදී. සමාගම විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායක, ප‍්‍රතිඵල මත පදනම් වූ මෙන්ම ඉගෙනුම් මානසිකත්වය මෙම පරිවර්තනයේ සාර්ථකත්වය වෙනුවෙන් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ ISM ඊ-සමූහයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ, Sana Hosting Operations හි ප‍්‍රධානී විජේසුන්දර මහතා සඳහන් කර සිටියේ ‘‘ඉහළ පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ශක්තිමත් හා ප‍්‍රීතිමත් සේවකයින් ප‍්‍රධාන සාධකයක් ලෙස පෙන්වා දිය හැකියි. ක‍්‍රියාශීලී රාජකාරී සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අප නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන අතර ඒ හරහා ඊ-වාණිජ්‍යය පරිවර්තනය කරනු ලබන කඩිනම් තාක්ෂණික විසඳුම් නිර්මාණය කරන අතර අපගේ සේවාලාභීන්ගේ සැබෑ ලෝකයේ ගැටලූ වෙනුවෙන් සුවිශේෂී විසඳුම් ඉදිරිපත් කිරීමට හැකි වී තිබෙනවා.’’ යනුවෙනි.

වසර 7කට වැඩි මෙහෙයුම් කාලය තුළ ISM APAC ඔවුන්ගේ ගෝලීය සේවාලාභීන්ට මෙන්ම සේවක ප‍්‍රජාවට වඩා හොඳ සහයෝගයක් ලබාදීම වෙනුවෙන් ප‍්‍රමුඛතා පුහුණු හා සංවර්ධන වැඩසටහන් රැසක් දියත් කොට ඇත. හැකියාවන් පිළිබඳ  අවධානය යොමු නොකරමින් සේවකයන් බඳවා ගැනීම, වෙළෙඳපොල තුළ තරගකාරී වැටුප් ගෙවීම සහ ඉහළ කාර්ය සාධනයක් සහිත සේවකයින් සඳහා වැඩි අවස්ථාවක් සලසාදීම වැනි බොහෝ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබයි.

Visits: 51