මෙරට ප්‍රධානතම සමාගම් 20ක් Global Compact Network හි සාමාජිකත්වයට

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක Global Compact Network හි සාමාජිකයන් බවට පත්වීමට ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් 20ක් පසුගියදා කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙම  Global Compact Network මගින් ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීමේ අරමුණින් #ClimateAmbitionAccelerator ලෙස වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මෙම සමාගම් එහි සාමාජිකයන් බවට පත්ව ඇතැයි පවසයි.

ඒ අනුව ඩිල්මා තේ, හේලීස් ෆැබ්රික් පීඑල්සී, ජෙට්වින්ග් හොටෙල්ස්, බ්‍රැන්ඩික්ස්, එක්ස්පෝ ලංකා ෆ්‍රයිට් ග්ලෝබල්, වර්චුසා, ඩයලොග් ආසිආටා, කැලනිවැලි ප්ලාන්ටේෂන්ස්, තලවකා කැලේ ටී එස්ටේට්ස්, ඩිමෝ ලංකා, ට්‍රොපිකොයිර් ලංකා, කොමර්ෂල් බැංකුව, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, IWMI, අරින්මා හෝල්ඩිංග්ස්, බවර්ස්, එයිට්කන් ස්පෙන්ස් සහ මාස් හෝල්ඩිංග්ස් එම සමාගම් වෙයි.

මෙම Global Compact Network යනු ලෝකයේ විශාලතම සාංගමික තිරසාරත්වය පිළිබඳ මුලපිරීම ලෙස සැලකෙයි. එය මානව හිමිකම්, කම්කරු, පරිසරය සහ දූෂණ විරෝධී යන කාරණා සම්බන්ධයෙන් ක්‍රමෝපාය සහ විශ්වීය ආදර්ශයන් සිදු කිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි. 2007 වසරේ සිට එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙයි.

මේ යටතේ වන  #ClimateAmbitionAccelerator ලෙස වැඩසටහන මගින් විද්‍යාත්මක කරුණු පදනම් කරගත් ඉලක්ක ඇති කරගනිමින් ගෝලීය 2050 වසර වනවිට කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වායු විමෝචනය ශුන්‍ය බවට පත් කිරීම අදහස වී තිබේ.

Visits: 601