Prime Amber Skye, Negambo මෙරට පළමුවරට online virtual property තුළින් 17 දා සිට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි.

දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium)  ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකෙරන අතර එක් නිවාස සංකීර්ණයක් මහල් 19කින්ද  අනෙක් නිවාස සංකීර්ණය මහල් 7කින් සමන්විත වේ.

Amber Skye Residencies සහාධිපත්‍ය නිවාස සංකීර්ණය (condominium) යටතේ ඉදිවන මුළු සුඛෝපභෝගී නිවාස සංඛ්‍යාව 145කි. නිදන කාමර 1 සිට නිදන කාමර 3ක් දක්වා විහිදුනු නවීන මාදියේ සැලසුම් සහිත සුඛෝපභෝගී නිවාස පාරිභෝගිකයින්ට තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවන අතර වසර තුනක් දක්වා පහසු ගෙවීම් සැලසුමක් ද ලබා දෙයි.

රුපියල් මිලියන 19.5න් ඇරඹෙන ආකර්ශනීය මිල ගණන් යටතේ ජූලි 17වන දා සිට Amber Skye Residencies අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින් වෙත විවෘත වනු ඇත. මේ සඳහා සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයින්ට 1353ට ඇමතුමක් ලබා දීමෙන් හෝ ප‍්‍රයිම් රෙසිඩන්සීස් ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වී අදාළ ලියාපදිංචිය සිදු කළ හැක. Amber Skye Residencies ව්‍යාපෘතිය 2024 වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර පාරිභෝගිකයින් අතට පත් කිරීමට ප‍්‍රයිම් සමූහය අපේක්ෂා කරයි.

සාගරය අභිමුව ඉදිවන නවතම Amber Skye Residencies සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ ඉතා සීඝ‍්‍රයෙන් සංවර්ධනය වන මීගමුව නගරය විශේෂයෙන්ම ව්‍යාපාරික, සංචාරක සහ විනෝදාස්වාද කටයුතුවල අනාගතය වෙනුවෙන් ආයෝජනය කළ හැකි අනර්ඝ තෝතැන්නක් බව නොරහසක්. එවැනි අද්විතීය මීගමුව නගරයේ වඩාත්ම වැදගත් ස්ථානයක ඉදිවන සුඛෝපභෝගී නිවසක හිමිකරුවකු වීමට අපගේ පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා දීම සැබවින්ම භාග්‍යක් කොට සලකනවා. Amber Skye Residencies නිවාස ව්‍යාපෘතිය සැබවින්ම ප‍්‍රයිම් සමූහයේ තවත් අනගිභවනීය ඉදිකිරීම් අත්දැකීමක පහස විඳගැනීමට අපගේ පාරිභෝගිකයින්ට ලැබෙන මනරම් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.’’ යනුවෙන් පැවසීය.

Visits: 210