තරුණ නිර්මාණශීලීත්වය අවදි කරන්නට OPPO Renovators 2021 ඇරඹෙයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO හි Emerging Artists ව්‍යාපෘතිය යටතේ 3 වන වරටත් පැවැත්වෙන OPPO Renovators වැඩසටහනේ 2021 අදියර පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලද බව පවසයි.

ලොව පුරා කලා හා තාක්ෂණ රසිකයන් වෙනුවෙන් විවෘත මෙම වැඩසහන, තරුණ නිර්මාණකරුවන්ට කලාවේ හා තාක්ෂණයේ අනාගතය පරිකල්පනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි.

OPPO Renovators වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක කරමින්, නවක කලාකරුවන්ට ප්‍රවීණයන් වෙතින් උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමටත්, තම නිර්මාණ ජාත්‍යන්තර වේදිකාවන්හි ප්‍රදර්ශනය කිරීමටත්, සුවිශේෂී වෘත්තීය අවස්ථාවන් උදාකර ගැනීමටත් හැකියාව ලැබෙන පසුබිමක් නිර්මාණය කිරීමට OPPO කටයුතු කරනු ඇත.

OPPO Renovators 2021 සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් OPPO හි උප සභාපති සහ ගෝලීය අලෙවිකරණ සභාපති විලියම් ලියු මහතා මෙසේ පැවසී ය. “OPPO කවදත් තරුණ පරපුරේ හැකියාවන් ගැන විශ්වාසය තැබූ සන්නාමයක්. තරුණ නිර්මාණකරුවන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වා දීම අපගේ අරමුණ වී තිබෙනවා. හෙට දවසේ ලෝකය වෙනස් කිරීමට පෙරමුණ ගන්නේ අද දවසේ තරුණ පරපුර විය හැකියි. ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය දිරිගැන්වීම සඳහා අපට කළ හැකි සියලු දේ කිරීමට අප සූදානම්.”

කාණ්ඩ කිහිපයක් යටතේ OPPO Renovators 2021 වැඩසටහනට නිර්මාණ ඉදිරිපත් කළ හැකි වේ. මෙම වසරේ එහි තේමාව වන්නේ ‘ආලෝකය’:(Light) යන්නයි. පෘථිවියේ ශක්ති ප්‍රභවයක් මෙන්ම බොහෝ ජීවයන්හි අනිවාර්ය අංගයක් වන ආලෝකය, ආදරය හා බලාපොරොත්තුව වැනි සුභවාදී ආකල්පද සංකේතවත් කරයි. ආලෝකයේ උණුසුම් බව හා දීප්තිය සමගින් සන්සුන් බව හා ධනාත්මක බව පිළිබඳ හැඟීම් ජනිත කරමින්, තම නිර්මාණශීලීත්වය ඔස්සේ කලාවේ සීමාවන් අතික්‍රමණය කිරීමට තරුණ නිර්මාණකරුවන් යොමුකරවීම OPPO හි අපේක්ෂාව වේ.

මෙම මූලික තේමාව යටතේ ART TECH සහ ART TOY යනුවෙන් කාණ්ඩ දෙකක් සහ Portrait Capture කාණ්ඩයක් OPPO Renovators 2021 වැඩසටහනට ඇතුළත් කර ඇත. ART TECH කාණ්ඩයේදී තරුණ කලාකරුවන්ට කලාව සහ තාක්ෂණය අතර අන්තර්-සම්බන්ධය ගවේෂණය කිරීමට හැකිවන අතර, ART TOY කාණ්ඩයේදී OPPO හි Mascot වන Ollie පදනම් කරගනිමින් සුවිශේෂී කෙළිබඩුවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. Portrait Capture කාණ්ඩය වෙන්කර ඇත්තේ කලාත්මක හා නිර්මාණශීලී ඡායාරූප හා වීඩියෝ වෙනුවෙනි.

OPPO සතු ජාත්‍යන්තර සම්පත් ජාලය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ඉලක්ක කරගත් OPPO Renovators2021 වැඩසටහනේදී පිරිනමන වටිනා ත්‍යාග හා සම්මාන වලට අමතරව, තෝරාගත් නිර්මාණ London Design Festival සහ Dubai World Expo ද ඇතුළුව ලොව පුරා ප්‍රමුඛ පෙළේ උත්සව හා ප්‍රදර්ශන වලදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මීට අමතරව මෙම තරගයට සහභාගී වන තරුණ තරුණියන්ට නිර්මාණ ශිල්පීන් ලෙස OPPO සමග ගිවිසුම් අත්සන් කිරීමටද අවස්ථාව උදා වීමට ඉඩ ඇති අතර, එය ඔවුන්ට තම නිර්මාණශීලී අදහස් තවදුරටත් මුවහත් කරගනිමින් වාණිජ ප්‍රතිලාභද හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.

OPPO Renovators 2021 තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ, ලොව ප්‍රමුඛතම කලා හා නිර්මාණ සැලසුම් ආයතන සමග අත්වැල් බැඳගෙන එය ක්‍රියාත්මක කරනු ලැබීමට අමතරව, ලොව ප්‍රමුඛතම කලාකරුවන් හා නිර්මාණ ශීල්පීන්ගේ සහයෝගයද ඊට හිමිවී තිබීම ය. එහි විනිශ්චය මණ්ඩලයටද සුප්‍රකට ජාත්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පී කශිවා සටෝ, වීඩියෝ කලාවේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන ගැරී හිල්, ශ්‍රව්‍ය-දෘශ්‍ය කලාකරු රියොඉචි කුරොකාවා සහ සන්නාමකරණ උපදේශක ටොමී ලී වැනි ප්‍රවීණයෝ ඇතුළත් වී සිටිති.

OPPO Renovators 2021 පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සහ තරගයට ඇතුළත් වීම සඳහා https://campus.oppo.com/en/වෙත පිවිසෙන්න. සියලු නිර්මාණ 2021 අගෝස්තු 29 දින, ග්‍රිනිච් වේලාවෙන් 24:00 ට පෙර ඉදිරිපත් කළ යුතු වන අතර, තරගයේ ජයග්‍රාහකයන් 2021 සැප්තැම්බර් 18 වන දින ග්‍රිනිච් වේලාවෙන් 24:00 ට පෙර ප්‍රකාශයට පත්කෙරේ.

Visits: 42