කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ සහ ‘උදාර’ ගිණුම් හිමියන්ට නවලෝක රෝහලෙන් 25% ක් දක්වා වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරි කිරීම් ගිණුම් හිමියන්ට සහ ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ලංකාවේ ප‍්‍රමුඛ බහු විශේෂඥ රෝහල් ජාලය වන නවලෝක හොස්පිට්ල්ස් පී. එල්. සී. වෙතින් තෝරාගත් ප‍්‍රතිකාර සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව නවලෝක රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන ඇතැයි පවසයි.

2022 මැයි 01 වනදා දක්වා කොළඹ, මීගමුව සහ ගම්පහ පිහිටි නවලෝක රෝහල් වලින් මෙම වට්ටම ලබාගත හැකි බවත් ඒ සඳහා ‘අනගි’ හෝ ‘උදාර’ සන්නාමයෙන් යුතු ෂොපිං ඩෙබිඞ් කාඞ්පත් හෝ පාස්පොත් රෝහල් කවුළුවට භාරදිය යුතු බව බැංකුව සඳහන් කරයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ‘අනගි’ ගිණුම් හිමියන්ට 25% ක වට්ටමකට මැමෝග‍්‍රෑම් පරීක්ෂණ, 10% ක වට්ටමකට 3D Lipomed-Fat පැකේජයක් ලබාගැනීම, ලේසර් හෙයා රිඩක්ෂන් ප‍්‍රතිකාර ලබාගැනීම සහ දන්ත ප‍්‍රතිකාර ලබාගැනීමට හැකිබව බැංකුව සඳහන් කරයි.

මේ අතර, ‘උදාර’ ගිණුම් හිමියන්ට පිළිවෙලින් ගෝල්ඞ්, සිල්වර් සහ බෙ‍්‍රාන්ස් සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ යටතේ 20% ක, 25% ක සහ 12.5% ක වට්ටම් ලබාගත හැකිබව බැංකුව පවසයි. මෙහිදී, ගෝල්ඞ් පැකේජයක් රුපියල් 20,000 ක සහන මුදලකට ලබාදෙන අතර එහිදී පූර්ණ පරීක්ෂණ 12 ක් සහ අමතරව අක්ෂි පරීක්ෂාවක් සහ වෛද්‍ය උපදේශනයද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.     

කාන්තා ඉතිරිකිරීමේ ගිණුමකට ලබාදෙන ඉහළම පොලී අනුපාතය සහ තැන්පතු මුදල් ආපසු ගැනීමේදී කිසිදු සීමා කිරීමක් නොකිරීම යන අංග ඇතුළත් කරමින් මෙරට කාන්තාවන් තමන්ගේ මූල්‍ය ස්ථායීතාවය ගොඩනගා ගැනීමට යොමුකිරීම සඳහා 2012 වසරේදී කොමර්ෂල් බැංකුව විසින් ‘අනගි’ කාන්තා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දෙන ලදී. මෙහිදී, ගිණුම් හිමියන්ට සන්නාමකරණය කළ පාස්පොතක්, ‘අනගි’ ෂොපිං ඩෙබිට් කාඞ්පතක් මෙන්ම වසර පුරාම පැවැත්වෙන ආකර්ශනීය ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගීවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මාස හයක කාල සීමාවක් සාමාන්‍යයෙන් රුපියල් 250,000 ක ශේෂයක් පවත්වාගෙන යන ‘අනගි’ ගිණුම්හිමියන්ට ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම සමග එක්වී රුපියල් 500,000 ක් දක්වා පුද්ගලික අනතුරු රක්ෂණාවරණයක් බැංකුව විසින් 2020 වසරේදී හඳුන්වා දෙන ලදී.  

මේ අතර, ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුම සඳහා වාර්ෂිකව 0.5% ක අමතර පොලී අනුපාතයක් ලබාදීමටද බැංකුව විසින් කටයුතු කර ඇත.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Visits: 42