Trainocate සමාගම Microsoft සඳහා අංක එකේ ජාත්‍යන්තර ඉගෙනුම් හවුල්කරුවෙකු බවට පත්වේ

ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ හා මානව හැකියා සංවර්ධන සමාගම වන Trainocate Holdings සමාගම 2021 වසරේ Microsoft සඳහා අංක එකේ ජාත්‍යන්තර ඉගෙනුම් හවුල්කරුවෙකු ලෙස පිළිගැනීමට ලක්වී ඇතැයි පවසයි. ආසියානු සමාගමක් වෙත මෙම ගෞරවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

Microsoft තාක්ෂණයන් භාවිතා කරමින් නිර්මාණශීලී සේවාවන් නිර්මාණය කිරීම හා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශිෂ්ටත්වයන් පෙන්නුම් කරන Microsoft හවුල්කරුවෝ මෙම සම්මාන තුළදී ඇගයීමට ලක්වෙති. රටවල් 100 කට අධික සංඛ්‍යාවක හවුල්කරුවන් මෙම සම්මාන සඳහා සැලකිල්ලට ගැනෙන අතර මෙහිදී එම හවුල්කරුවන්ගේ හැකියාවන්, Cloud to Edge තාක්ෂණයන්, ව්‍යවසායකත්වය, සහ සමාජ බලපෑම ඇතුළු කාණ්ඩ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවේ. මෙම වසරේ COVID-19 රෝග ව්‍යාප්තිය ඇතුළු අභියෝග රාශියක් හමුවේ පවා තරගකරුවන් 4,400 කට අධික සංඛ්‍යාවක් අතරින් ඉදිරියට පැමිණෙමින්, තම ජයග්‍රහණය එකතුවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් එක්කර ගැනීමට Trainocate සමාගම සමත් විය.

“මේ අධිවේගී ඩිජිටල් යුගයේදී මෙවැනි ගෞරවයක් දිනාගත් ප්‍රථම ආසියානු සමාගම බවට පත්වීමට හැකිවීම, Trainocate කණ්ඩායමේ උනන්දුව හා කැපවීමට මනා සාක්ෂියක්. Microsoft සමග සමීපව කටයුතු කරමින් අපි පාරිභෝගිකයන්ට සාර්ථකත්වය කරා යාමට ශක්තිමත් අත්වැලක් ලබාදෙනවා. මෙම සම්මාන අපගේ ගමනට විශාල ශක්තියක් වේවි. ඒ වගේම එමගින් අපට ඉහළම තලයේ Microsoft හවුල්කරුවෙකු ලෙස අපගේ සම්බන්ධතා ජලය තවත් පුළුල් කරගැනීමට අවස්ථාව ලැබේවි.” Trainocate Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෆරුල්ලා හෂීම් මහතා පැවසී ය.

1995 වසරේදී ආරම්භ වූ Trainocate සමාගම සිය අතිනවීන සහ, ක්ෂේත්‍රයේ පුළුල් ලෙස පිළිගැනීමට ලක්වූ විෂය මාලාවන් හා සහතිකකරණයන් ලොව පුරා ව්‍යාප්ත කරමින් වේගවත් දියුණුවක් අත්පත් කරගැනීමට සමත් විය. මේ වනවිට රටවල් ලොව පුර රටවල් 14 ක් සහ ස්ථාන 26 ක් වෙත ව්‍යාප්ත වී ඇති එම සමාගම, Analytics, AI, Big Data, Claoud Computing, Data Science, Dev Ops, සහ Machine Learning වැනි ක්ෂේත්‍ර වලට අදාළව පිළිගත් වෘත්තීය සහතිකකරණයන් ලබාගැනීම සඳහා ලොව පුරා වෘත්තිකයන්ට සහය වී තිබේ.

“මෙම වසරේ ආරම්භයේදී Axiata Digital Labs පුද්. සමාගම Trainocate සමග හවුල්කාරීත්වයකට එළඹුණු අතර, මාස 5 ක් තුළ අපගේ සාමාජික සාමාජිකාවන් 200 කට අධික පිරිසක් Microsoft Azure සහතිකකරණ පාඨමාලාව සම්පූර්ණ කළා. Trainocate ඉතා වෘත්තීයමය ලෙස කටයුතු කළ අතර අපගේ අවශ්‍යතා සහ දැක්ම සපුරාලීම සඳහා විශිෂ්ට පුහුණු සැලසුම් අපට ලබා දුන්නා. පාඨමාලා වලට සහාභාගී වූ අයගෙන් අපට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. එමෙන්ම Trainocate සමඟ වැඩ කිරීම කොතරම් නම්‍යශීලී හා පහසුද යන්න ඔවුන් නැවත නැවතත් අවධාරණය කළා.” Axiata Digital Labs මානව සම්පත් ප්‍රධානී (පුහුණු හා සංවර්ධන) රිද්මි පෙරේරා මහත්මිය පැවසුවා ය.

ක්ෂේත්‍රයේ වසර 25 කට අධික පළපුරුද්දක් හිමි Trainocate සමාගම ‘නිල පුහුණු හවුල්කරු’ තත්ත්වය හිමි සමාගමක් වන අතර, AWS, Cisco, CompaTIA, Google Cloud Platform, Microsoft, NetApp, IBM, Red Hat, Trend Micro, VMware, ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් සමග සමීපව කටයුතු කර ඇත. Trainocate හි පුහුණු හා සහතිකකරණ වැඩසටහන් එකතුවට පාඨමාලාවන් 2,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

Visits: 135