බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඩො. මිලියන 12කට මුරුසි දූපතේ හෝටලයක් මිලට ගනී

LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිතව එක්සත් අරාබි එමීරයේ ලියාපදිංචි ඇති BI Leisure Holdings FZE (BI Leisure) මගින් මුරුසි දූපතේ (මොරිෂස්/Mauritius) පිහිටි PL Resort Ltd. නම් සංචාරක හෝටලයක් මිලට ගෙන ඇතැයි පවසයි.

මෙය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ලෙෂර් වත්කම් අත්පත්කරගැනීම සහ සංවර්ධනය යටතේ සිදුවූවක් බව එම සමාගම පවසයි.

ඒ අනුව PL Resort Ltd. හි කොටස් 21,500,000ක් BI Leisure මගින් අත්පත් කරගෙන ඇති අතර එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 12කි.

මෙහිදී PL Resort Ltd. සමාගම මගින් ලබා ගෙන ඇති ණය අදාළ වටිනාකම් අඩු කිරීමෙන් අනතුරුව එක්සත් ජනපද ඩොලර් මිලියන 3.7කට මෙම අත්පත් කරගැනීම තීන්දුවී තිබෙන බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

මුරුසි දූපතේ වෙරළාසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් වන මෙම PL Resort Ltd. සතුව කාමර 100ක් පවතී.

මෙම හෝටලය කළමනාකරණය සහ මෙහෙයවීම සුප්‍රසිද්ධ Raddison hotel management Company සමාගම මගින් Radisson Blu වෙළෙඳනාමය යටතේ සිදු කරන බවත් සඳහන් වෙයි.

Visits: 1048