ටෝකියෝ සිමෙන්ති ශත 85 බැගින් අවසන් ලාභාංශ ගෙවිමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටෝකිටෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත මූල්‍ය වර්ෂය සඳහා වන අවසන් ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහා මෙන්ම නිෂ්ඡන්ද කොටසක් සඳහාද රුපියල් ශත 85ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන අවසන් ලාභාංශගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 15 වැනිදා නම් ප්‍රකාශ කෙරී තිබේ. ලාභාංශ රහිත දිනය ලෙස ලබන අගෝස්තු 26 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගෙන් අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 25 වැනිදා පැවැත්වෙන බවත් සමාගම සඳහන් කරයි.

ටෝකියෝ සිමෙන්ති සමාගම පසුගිය ජූනි මාසයේදී සිය පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්ද ප්‍රකාශයට පත් කර අතර, එහිදී ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා රුපියල් 1.25 බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා විය. එම ලාභාංශ ගෙවීම ලබන ජූලි 22 වැනිදා සිදු වීමට නියමිතව ඇත.

අද (ජූලි 13) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඡන්ද හිමි කොටසක අගය රුපියල් 67ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (12දා) පැවැති රුපියල් 65ට සාපේක්ෂව රුපියල් 2කින් එනම් 3.08%කින් ඉහළ යාමකි. එසේම අද දිනයේදී සමාගමේ නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 59.50ක් ලෙස සටහන් වූ අතර එය ඊයේ පැවැති රුපියල් 57.50ට සාපේක්ෂව රුපියල් 2ක එනම් 3.48%ක ඉහළ යාමකි.

Visits: 329