හයිද්‍රාමනී ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුම් නිර්මාණකරු සහ නිෂ්පාදකයා වෙයි

ජපානයේදී පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුම්හි නිර්මාණකරුවා සහ නිෂ්පාදකයා ලෙස හයිද්‍රාමනී සමාගම කටයුතු කර ඇතැයි පවසයි.

මෙහිදී සිය නිර්මාණය ශ්‍රී ලංකා ධජයේ ඇති වර්ණ සහ සිංහයාගේ කේශර හා එකිනෙක ගැළපෙන ආකාරයට සිදු කර ඇති බවත්, ඉන් අපගේ ඔලිම්පික් මළල ක්‍රීඩකයන්ගේ දැඩිබව සහ නිර්භීත බව නිරූපණය වන බවත් හයිද්‍රාමනී සමාගම පවසයි.

මේ අතර එම ඇඳුම්ද මෙරටදීම වියන ලද රෙදි යොදා ගනිමින් සිදු කර ඇති බවත්, ඒවා ඉහළ විලාසිතාවෙන් මෙන්ම ඉහත සුවපහසුව ලැබෙන ලෙස නිර්මාණය කර තිබෙන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.

හයිද්‍රාමනී සමාගම මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි.

Visits: 121