කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරට පියවර තැබීම ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ  විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර දියත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණු බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාසුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාකොළඹ කොටස්  හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාසුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතාඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර මහතාසුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතාකොළඹ කොටස්  හුවමාරුවේ අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතාකොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතාසුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ  හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස්  හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වී තිබේ.

2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් –19 තත්ත්වය උග්‍රවීමත් සමඟකොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමමෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රමුඛස්ථානයක් ගෙන තිබුණි.

ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා  විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි.

2020 සැප්තැම්බර් 17 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන  කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා එසැණින් දැනුවත් කිරීම ද ඊට ඇතුළත් විය.

ඩිජිටල්කරණයේ පළමු අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක  දියත් කළ දින සිටඑහි මුළු  බාගත කිරීම් (Downloads) සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක  හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම  (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත.  තවදදේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක  හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84% ක්ම වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස්  කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී. මෙම නව  ඇප් එක  ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන 21 ස්මාර්ට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟා වන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්‍ෂණයට යොමු වු ආයෝජකයින්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත  ළඟා වීමට හැකි වී ඇති බවයි.

ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවන අදියර තුළින් ආයෝජකයින්නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය, සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායි ලෙස ළඟා විමට ද මෙමගින් හැකියාව ලැබේ.

ආයෝජකයින්ට පුළුල් ප්‍රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින් ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්‍රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද අතීත ගනුදෙනු සහ CDS මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම CDS ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනුපර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙම නව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත  පහසුකම් වලින් අපේක්ෂා කෙරේ.

ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට CDS eConnect, MYCSE ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙයි.  ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර  ‘Investo’  ත්‍රිභාෂා චැට්බෝට් හෝ  voice උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවිය පරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ.

මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලට ද CDS  ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර ආයෝජකයින්ටද  ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකි වී තිබේ.

මෙම ක්‍රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර, 2021 සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතරරජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්‍ෂිත ඉදිරිපෙළ තාක්‍ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍යකාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් සඳහන් වෙයි.

Visits: 805