ප්‍රයිම් ලෑන්ඩ්ස් කොළඹ දිස්ත්‍රික්කයේ පර්චස් 100ට වැඩි ඉඩම් සොයයි

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳ සමාගමක් ප්‍රයිම් සමූහයට අයත් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සිය ඉදිරි ව්‍යාපෘති වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පර්චස් 100ට හෝ ඊට වඩා වැඩි විශාලත්වයක් සහිත ඉඩම් මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම එවැනි විශාලත්වයෙන් යුත් ඉඩම් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ජනතාවට ආරාධනා කර සිටියි.

ඒ අනුව සිය ඉඩම් සඳහා හොඳම වටිනාකම ප්‍රයිම් සමූහයෙන් ලබා ගන්නා ලෙසත් ප්‍රයිම් ලෑන්ඩ්ස් පළ කළ මෙම දැන්වීමේ සඳහන්ව තිබේ.

මේ වසරේදී සිය 25 වැනි සංවත්සරය සමරන ප්‍රයිම් සමූයේ ප්‍රයිම් රෙසිඩෙන්සීස් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිද ලැයිස්තුගත සමාගමකි.

සිය සමූහය ICRA Lanka සහ Moody’s Investors Services යන ශ්‍රේණිගත කිරීමේ ආයතන තුළින් A- ස්ථාවර යන ණය වර්ගීකරණය හිමි කරගත් ශ්‍රී ලංකාවේ පිහිටි එකම දේපළ වෙළෙඳ සමාගම බවද ප්‍රයිම් ගෘප් මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 206