මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ යටතට අයත් ආයතන

නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය අයත් වන ආයතන සහ දෙපාර්තමේන්තු මෙසේ ගැසට් කෙරී ඇත.

ඒ අනුව භාණ්ඩාගාර කටයුතු, රජයේ ආදායම් කළමනාකරණ කටයුතු, බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමන කටයුතු, අරමුදල් සැපයීම මෙන්ම ඈවර කළ යුතු ආයතන සහ ඒකාබද්ධ කිරීම් පිළිබඳ යන අංශ මෙම අමාත්‍යාංශය යටතට අයත් වෙයි.

01. භාණ්ඩාගාර කටයුතු: 
1. මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, බාහිර සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව,  නීති කටයුතු දෙපාර්තමේන්තුව, විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

02. රජයේ ආදායම් කළමනාකරණ කටයුතු:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

03. බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති සහ නියාමන කටයුතු:
ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය, රක්ෂණ සහ ඒවායේ පරිපාලිත සමාගම් සහ අදාළ ආයතන, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි පරිපාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්, ණය තොරතුරු කාර්යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණය

04. අරමුදල් සැපයීම:
වැඩ වර්ජනය, කැරලි කෝලාහල, සිවිල් කලබගෑනි සහ ත්‍රස්තවාදී අරමුදල, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, වකුගඩු අරමුදල, තේ ශක්ති අරමුදල, කප්රුක අරමුදල, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල, නිපුණතා සංවර්ධන අරමුදල, දේශීය ණය සහ සංවර්ධන අරමුදල, නව නිපැයුම්කරුවන්ගේ අරමුදල, තුරසවිය අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල

05. ඈවර කළ යුතු ආයතන හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීම:
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය, ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, ධාන්‍ය බෝග, ධාන්‍ය පර්යේෂණ හා නිෂ්පාදන අධිකාරිය, ජනතා පොහොර එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්, ළමයින් ආරක්ෂා කිරීම ජාතික භාර අරමුදල

Visits: 300