JKH එංගලන්තයේ නෞකා සමාගමක් සමග ඒකාබද්ධව නව සමාගමක් පිහිටුවයි

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී සමාගම එංගලන්තයේ ලියාපදිංචි නෞකා සේවා සපයන සමාගමක් වන Inchcape Shipping Services සමාගම සමගින් ඒකාබද්ධ එකඟතාවකට පිවිස ‘Inchcape Mackinnon Mackenzie Shipping (Pvt) Ltd ලෙස නව සමාගමක් පිහිටුවා ඇතැයි වාර්තා වෙයි.

මෙම නව සමාගමත් සමගින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම ඉදිරියේදී මෙරට තුළ වරාය නියෝජිත, නෞකා නඩත්තුව, නාවික ප්‍රවාහන සේවා, නෞකා සඳහා ආහාර ද්‍රව්‍ය සැපයීම, ඉන්ධන ගබඩාවන්ගෙන් ඉන්ධන සැපයුම් සකස් කරවාදීම, රේඛීය නියෝජනය, සමුද්‍රීය සමීක්ෂණ සහ විමර්ෂණ, බොරතෙල් සහ ගෑස් ප්‍රවාහන සේවා, ඉදිකිරීම්, මඩකැණීම්, කේබල් ඇතිරීම්, සුඛෝපභෝගී නෞකා සංචාරක ව්‍යාපාර ඇතුළු තවත් ක්ෂේත්‍ර මෙන්ම, හමුදාමය සහාය සේවා සහ සමුද්‍රීය උපදේශකත්වය යනාදී සේවා සම්පාදනය කිරීමට සූදානමින් සිටින බවත් පවසයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම මෙම ඒකාබද්ධ ගිවිසුම ඇති කරගත් Inchcape Shipping Services සමාගම ජාත්‍යන්තර නෞකා කර්මාන්තයේ වසර 174කට අධික අත්දැකීමක් සහිත රටවල් 60ක කාර්යාලය 240ක් පිහිටුවා ඇති සමාගමක් බව සඳහන් වෙයි. එසේම අද වනවිට එම සමාගම සතුව වෘත්තීය මට්ටමේ කාර්යමණ්ඩල සාමාජිකයන් 2,500කට වඩා වැඩි පිරිසක් සිටින බවත්, ලෝකයේ විශාලතම නෞකා සේවා සපයන සමාගම් අතරින් එකක් ලෙසත් සැලකෙයි.

මේ අතර ජෝන් කීල්ස් සමූයේ වරාය සහ නෞකා ව්‍යාපාරය යටතේ වරාය පර්යන්තයක් හසුරුවන ලංකාවේ පළමු පෞද්ගලික සමාගම බවටත් එය පත්ව තිබේ. එහිදී එම සමාගම ඒ.පී. මොලර් ටර්මිනල්ස්, ලංකා මැරීන් සර්විසස් – මෙරට තුළ නෞකා වෙත ඉන්ධන සැපයීම සිදු කරන මුල් පෙළේ සැපයුම්කරුවෙක් මෙන්ම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද නෞකා කර්මාන්තය තුළ ඉහළ පිළිගැනීමක් හිමි කරගෙන ඇති Mackinnon Mackenzie and Company (Shipping) Ltd. යන සමාගම් සමගින් එකතු වී කොළඹ වරායේ SAGT (සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්) පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.

ජෝන් කීල්ස් සමූහයේ ප්‍රවාහන අංශයේ ප්‍රධානී සාෆිර් හෂිම් සහ Inchcape සමාගමේ උප සභාපති (මැදපෙරදි, දකුණු ආසියා සහ අප්‍රිකානු කලාපය සඳහා වන නාවික සේවා) මැතිව් පෙයිස්

මෙම නව ඒකාබද්ධවිම සම්බන්ධ අදහස් දක්වන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රවාහන අංශයේ ප්‍රධානී සාෆිර් හෂිම් මහතා, “Inchcape සහ JKH අතර ඇතිකරගත් මෙම නව ඒකාබද්ධ එකඟතාව පිළිබඳව බෙහෙවින් සතුටට පත්වෙනවා. එහිදී ගෝලීයව මෙහෙයුම්වල නිරත Inchcape සහ දේශීයව ක්‍රියාත්මක JKH එක්වීම හරහා ජාත්‍යන්තර මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් සුවිශේෂී සේවාවක් සැපයීමට හැකියාව ලැබෙන බව අපට විශ්වාසයි. ගෝලීය නෞකා ගමන්මාර්ගයේ ශ්‍රී ලංකාව වඩාත් උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබීමත් සමගින්ම මෙම ඒකාබද්ධ සමාගම හරහා පිරිනමන සේවාවන් නව ගනුදෙනුකරුවන් බොහෝ පාරිසක් අප වෙත ආකර්ෂණය කරගැනීමට අවස්ථාව ලබා දේවි.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා සිටින Inchcape සමාගමේ උප සභාපති (මැදපෙරදි, දකුණු ආසියා සහ අප්‍රිකානු කලාපය සඳහා වන නාවික සේවා) මැතිව් පෙයිස්, “Inchcape සමාගමට ලංකාවට එන්න ගොඩක් කල් ගත වුණා. මෙම නවතම ඒකාබද්ධවීම හරහා Inchcape සමාගමට වර්ධනය වෙමින් පවතින සහ ඉතාමත් වැදගත් වෙළෙඳ පොළක සිට තමන්ගේ ගනුදෙනුකරුවන්ට තවදුරටත් සේවා සපයන්න හැකි වෙලා තිබෙනවා. ජෝන් කීල්ස් සමූහට සහ Mackinnon Mackenzie Shipping සමාගම් හැර මේ ඊළග පියවර තබන්න අපට හොඳ හවුල්කරුවන් නොහිටින්න පුළුවන්.” යනුවෙන් පවසා තිබේ.

Visits: 989