සමූහයේ ජයග්‍රාහී ඉදිරි ගමන වෙනුවෙන් MullenLowe නව පත්වීම් දෙකක් පිරිනමයි

2021 ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි LoweLintas හි සහකාර උප සභාපති හා ව්‍යාපාර අධ්‍යක්ෂ ලෙස ෂෝන් පොම්පියස් මහතා සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස ජූඩ් ජයප්‍රකාශ් මහතා පත් කළ බව MullenLowe ශ්‍රී ලංකා සමූහය පසුගියදා නිවේදනය කරන ලදී.

MullenLowe ශ්‍රී ලංකා සමූහය දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ සුවිසල් බලවේගයක් බවට පත් කිරීම වෙනුවෙන් ෂෝන් සහ ජූඩ් විසින් ලබා දෙනුයේ අනුපමේය දායකත්වයකි. ඒ අතර ඔවුන් වෙත හිමි වූ නවතම භූමිකාව තුළ LoweLintas හි ව්‍යාපාර ප්‍රධානියා ලෙස ෂෝන් සමස්ත මෙහෙයුම් සඳහා වගකීම් දරනු ඇති අතර ජූඩ් වෙත පැවරී ඇත්තේ සමාගමේ සමස්ත නිර්මාණාත්මක කාර්ය භාරය තව දුරටත් වැඩි දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යාමයි. දත්ත හා විශ්ලේෂණයන් පදනම් කර ගනිමින් සිය සේවා දායකයින්ගේ අනාගතය උදෙසා කඩිනම් විසඳුම් හිමි කරදෙන ආයතනයක් බවට පත්වීම LoweLintas හි අරමුණයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දියාවේ මුම්බායි හි කලාප කාර්යාලයීය MullenLowe Lintas සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරී විරාට් ටැන්ඩොන් මහතා “ගෝලීයව මෙන්ම දේශීයවද පවතින තත්වයන් මත ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පසුබෑම නොසළකා වෙළෙඳපොළ තුළ අප සතු ඔරොත්තු දීමේ හා ඒ වෙනුවෙන් සටන් කිරීමේ සුවිසල් හැකියාව යළි නැගී සිටීම වෙනුවෙන් අපව දිරිමත් කරනවා. අවාසනාවන්ත පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු LoweLintas කාර්යාලය පිහිටුවීමට වෙළෙඳපොල තුළ අප තබා ඇති විශ්වාසය හේතු වූ බව සඳහන් කළ හැකියි. ස්වාධීන ආයතනයක් ලෙස පසුගිය මාස 20ක පමණ කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම රැසක් තමන් සතුකර ගැනීමට LoweLintas සමත් වුණා. එහි ඉදිරි ගමන තව තවත් ශක්තිමත් හා වේගවත් කිරීම සඳහා අපට සහාය විය හැකි මාර්ග හඳුනා ගැනීම වෙනුවෙන් කලාපීය නායකත්ව කණ්ඩායම සමඟ අපි සමීපව කටයුතු කරනවා. අපගේ අත්දැකීම් සපිරි කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙකු වන ෂෝන් සහ ජූඩ් LoweLintasසඳහා පත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා වන අපගේ කැපවීම තව දුරටත් අවධාරණය කරන බව සඳහන් කළ හැකියි. ඒ වගේම වර්ධනීය ගමනේ මීළඟ අදියර වෙනුවෙන් සූදානම් වන LoweLintas වෙත තව දුරටත් ආයෝජන සහ සම්පත් ලබා දීමට අපි කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැවසීය.

2015 වසරේදී ව්‍යාපාර අධ්‍යක්ෂවරකු ලෙස MullenLowe ශ්‍රී ලංකා සමූහය (එවකට Lowe LDB) සමඟ එක් වූ ෂෝන් 2016 වසරේදී සේවාලාභී සේවා අධ්‍යක්ෂ (Client Service Director) ලෙස පත් විය.2018 වසරේදී එහි සහකාර උප සභාපති සහ සේවාලාභී සේවා අධ්‍යක්ෂ ලෙස උසස් වීමක් ලද ඔහු දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ආයතනික හැකියාවන් තව දුරටත් නගා සිටුවීමට සුවිසල් දායකත්වයක් දැක්වීය. එසේම Cannes Young Lions, Adfest Young Lotus සහ Young Spikesඇතුළු දැන්වීම්කරණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රමුඛ වැඩසටහන් රැසක සවිධායක කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇති ෂෝන් Cannes Lions Young Marketer හි ශ්‍රී ලංකා තරඟාවලියේ ව්‍යාපෘති නායකයා ලෙස මෙන්ම ජූරියේ සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පිටපත් රචකයකු ලෙස 2011 වසරේදී MullenLowe ශ්‍රී ලංකා සමූහය සමඟ එක් වූ ජූඩ් 2015 වසරේදී එහි නිර්මාණාත්මක කණ්ඩායමේ ප්‍රධානියා ලෙසද 2018 වසරේදී සහකාර නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙසද උසස්වීම් ලැබීය.

දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වසර 40ක පමණ අත්දැකීම් සපිරි ෂෝන් සහ ජූඩ් බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ, සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන, ආහාර හා පාන, විලාසිතා හා ව්‍යාපාර, නිශ්චල දේපොළ, අධ්‍යාපන, මෝටර් රථ හා හෝටල් යනාදී විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඔවුන් සතු අත්දැකීම් තුළින් ඉහළ LoweLintas සාර්ථකත්වයක් වෙත ගෙන යනු ඇත.

1993 වසරේදී LDB Lintas ලෙස ආරම්භ කර පසුව Lowe LDB ලෙස හඳුන්වනු ලැබූ දැන්වීම්කරණ ආයතනය ඉතා ඉහළ නිර්මාණාත්මක පරම්පරාවකට උරුමකම් කියන්නකි. 2015 වසරේදී එක්සත් ජනපදය පදනම් කරගත් Mullen සමූහය සමඟ ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපලයක් ලෙස එය MullenLowe ලෙස හඳුන්වනු ලැබීය.

Visits: 93