සෙරෙන්ඩිබ් ලෙෂර් යටතේ තිබූ reveal the collection දැන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යටතේ

හේමාස් ලෙෂර් සමාගමේ සෙරෙන්ඩිබ් ලෙෂර් සමාගම යටතේ සිය ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන ගිය බොටික් හෝටල් (Botique Hotel) ජාලයක් වන reveal the collection මේ වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යටතේ සිය මෙහෙයුම් සිදු කරමින් පවතින බව සඳහන් කරයි.

පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී LOLC සමූහයට අයත් ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිය ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී හරහා සෙරෙන්ඩිබ් ලෙෂර් සමාගම හිමි සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගමේ 55.65෴ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව මෙලෙස reveal the collection බොටික් හෝටල් ජාලයේ හිමිකාරීත්වයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත හිමිව තිබේ. රුපියල් මිලියන 791කට (791‍,723,136කට) මෙම ගනුදෙනුව සිදු විය.

ඒ අනුව අද වනවිට මෙම reveal හෝටල් බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් යටතේ සංචාරකයන් සඳහා විවෘත කිරිමක් දැන් සිදුව ඇත. මෙම හෝටල් ජාලය සතුව බොටික් හෝටල් හයක් පවතී. මිරිස්සේ පිහිටි Lantern Botique Hotel, Ubuntu Beach Villas, The Beach House, කොග්ගල පිහිටි TRI, ඉඳුරුව පිහිටි Villa 700 සහ නුවරඑළියේ පිහිටි Stafford Bunglow එම හෝටල් වෙයි.

සෙරෙන්ඩිබ් ලෙෂර් සතුව තවත් තරු පන්තියේ හෝටල් තුනක්ද පවතින අතර හොටෙල් සීගිරිය, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් සහ අවානි බෙන්තොට රිසෝට් එම හෝටල් වෙයි.

අද වන විට සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගමේ සභාපති ධුරය ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සභාපති කපිල ජයවර්ධන මහතා විසින් හොබවයි. ඊට අමතරව ඒ මහතා LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, LOLC සෙකියුරිටීස් ලිමිටඩ්, Palm Garden Hotels Plc සහ LOLC Development Finance PLC යන සමාගම්වලද සභාපති ධුර දරයි.

Visits: 637