පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරන බව පවසයි.

මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතාසැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක බොහෝ ගැටලු වලට ශක්තිමත්ව මුහුණ දෙන බවත් සඳහන් කරයි.

කිරි කර්මාන්තයට මෙන්ම වෙනත් බොහෝ ක්ෂේත්‍රයන්ට ද වසංගත තත්ත්වයට හා එහි බලපෑමට මුහුණ දීමට සිදුව තිබේ. ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශ වසා දැමීම සහ සංචරණ සීමාවන් හේතුවෙන් කර්මාන්තයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇත. එහෙත් පැල්වත්ත කිරි සමාගම සතු වටිනාකම් දාමය හරහා වසංගත හා අනෙකුත් වෙළඳ පොළ කම්පනවලට ඔරොත්තු දෙමින් දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්ව සිටී. විශේෂයෙන්ම සමාගම කර්මාන්තයේ මෙතෙක් අනුගමනය නොකළ බහු පාර්ශවීය ප්‍රවේශයන් කිහිපයක් ද හඳුන්වා දුන්නේය.

පැල්වත්ත කිරි සමාගම විශේෂයෙන්ම  විශාල සමාජ හා ආර්ථික වටිනාකමක් ඇති සමාගමක් ලෙස  කිරි කර්මාන්තයකිරි ගොවීන් සහ ඔවුන්ගේ පවුල් වලට හා ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම සමස්තයක් වශයෙන් මුළු රටටම  සිය නොසැලෙන සහයෝගය ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත සමාග‌මේ විධායක ක්ෂේත්‍ර නිලධාරී එරන්ද මධුමන්ත මහත්මා මෙසේ පැවසිය. “තුන්වන රැල්ල හේතුවෙන් රට වසා දැමීමේදී ඊට පෙර පැවති අවස්ථාව මෙන් මෙවර බරපතල අභියෝගාත්මක තත්ත්වයන් ඇති වීම අවම මට්ටමක පවතිනවා. අපේ කළමනාකාරිත්වය සහ ඉහළ නිලධාරීන් අනපේක්ෂිත තත්වයන් හා අර්බුදකාරී අවස්ථාවන්හි දී ක්‍රියාත්මක වීම සඳහා සියලු ක්‍රියාදාමයන් හා කාර්යයන්ට අදාළව ඵලදායි පියවර ගෙන තිබෙනවා. එවැනි ඕනෑම අවස්ථාවක ව්‍යාපාරික මෙහෙයුම් පහසුවෙන් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා මෙවලම් මධ්‍යම හා පහළ කළමනාකාරිත්වයට ලබා දීම ද විමධ්‍යගත කර තිබෙනවා. ඒ අනුව පළමුවන රැල්ලේදී අප උගත් පාඩම් හා අත්දැකීම් හරහා අප ඉදිරියට ගමන් කරමින් සිටිනවා.”

පැල්වත්ත කිරි සමාගම සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම ක්‍රියාත්මක කර ඇත. එහිදී ගොවීන්ගෙන් කිරි ලබා ගැනීමේ සිට එය අලුතින් පිහිටුවන ලද කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනයපැල්වත්ත කර්මාන්තශාලා තුළ සැකසීම හා අනතුරුව රාක්ක වෙත ගෙන ඒම සඳහා වූ ක්‍රියාවලිය පැය 72ක් තුළ ක්‍රියාත්මක කරනු ලබයි. එසේමසමාගම විසින් අවශ්‍ය සනීපාරක්ෂක නිෂ්පාදන සහ ඉවත දැමිය හැකි PPE කට්ටල සෑම විටම සිය කාර්ය මණ්ඩලයට පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය සියලු විධිවිධාන ද සලසා දී තිබේ.

පැල්වත්ත සමාගම නිතිපතා අභ්‍යන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු කරන අතරම සමාගම සහ එහි සියලුම ක්‍රියාදාමයන් අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කර්මාන්තශාලා සහ ගොවිපලවල් වෙත නිරන්තරයෙන් පැමිණීම සහතික කිරීමට පියවර ගනිමින් සිටී. එමගින් ලැබෙන ප්‍රතිඵල ධනාත්මක හා ප්‍රශංසනීය බව ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව සමාගම සතුව ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඒ අනුව මෙරට දී වසංගතයේ පළමු රැල්ල ආරම්භ වූ 2020 මාර්තු මාසයෙන් පසුව රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් පාරිභෝගිකයින්ගේකාර්ය මණ්ඩලයේ සහ සියලු පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සමාගම පියවර ගෙන ඇත.

මෙවැනි අර්බුදකාරී වසංගත තත්ත්වයක දී පවා සේවකයාගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමේ අවශ්‍යතාවය පැල්වත්ත සමාගම මනාව අවබෝධ කරගෙන සිටි. පැල්වත්ත කිරි සමාගම එමගින් ඉතා අවදානම් සහිත කාලවලදී පවා සේවක වැටුප් හෝ රැකියා අවදානමට ලක් කර නොමැති බව මනාව පැහැදිලි වේ. පැල්වත්ත කාර්ය මණ්ඩලයට රජයේ නවතම නියාමන ක්‍රියාමාර්ග මෙන්ම සෞඛ්‍ය පෙරමුණේ පූර්ව නිශ්චිත පියවරයන් පිළිබඳව ද දැනුවත් කිරීම සහ පුහුණු සැසි ද ලබා දී ඇත.

Visits: 346