Rakuten Viber සිය පණිවුඩ සේවාවට AR කාච ගෙන එමින් Snap සමඟ එක්වෙයි

Rakuten Viber සහ Snap අතර ඇති සම්බන්ධතාවය තුළින් AR කාච Viber වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප වෙත ගෙන එනු ලබන බව පවසයි; මෙලෙස සන්නාමගත වයිබර් කාච සහිත පළමු පිරිස අතර WWF, FC බාර්සිලෝනා සහ WHO යනාදිය වෙයි.

සන්නිවේදන වේදිකා හරහා පණිවිඩ යැවීමේ සහ හඬ (voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, Snap Incorporation සමඟ හවුල්කාරිත්වය තුළින් වර්ථමාන යථාර්ථ (AR) කාච මැජික් සිය යෙදුමට ගෙන එනු ඇත. කැමරා කට්ටලය, නිර්මාණාත්මක කට්ටලය සහ බිට්මෝජි (Bitmoji) ඇතුළු Snap හි සංවර්ධක මෙවලම් භාවිතා කරමින්, Viber යෙදුම මඟින් AR කාච එකට එකතු කිරීම, Snapchat වෙත බෙදාගැනීම, සක්‍රීය කිරීම සහ Viber වෙත අභිරුචිකරණය කළ හැකි Bitmoji මුහුර්ති ගෙන එනු ඇත.

Snap මඟින් බල ගැන්වෙන Viber කාච පළමු වරට AR- සක්‍රීය වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප Viber භාවිතා කරන්නන්ට ලබා දෙනු ඇත. මෙම එළිදැක්වීමට නව Viber කාච 30 ක් ඇතුළත් වන අතර සත්ව වෙස් මුහුණු සහ Viber අක්ෂර, දිය යට කාච, උපහාසාත්මක පූසන්ගේ අන්තර්ක්‍රියා සහ තවත් දේ එක්ව ඇත. මසකට අතිරේක කාච 50-70 අතර ප්‍රමාණයක් එක් කරමින්, 2021වසර අවසානය වන විට අවම වශයෙන් කාච 300 ක් වත් එක් කිරීමට සමාගම සැලසුම් කර ඇත. ව්‍යාපාරවලට Viber මත ඔවුන්ගේම සුවිශේෂී කාච නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. ලෝක වනජීවී අරමුදල, FC බාර්සිලෝනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පණිවුඩකරණ යෙදුමට නව කාච ලබා දුන් පළමු Viber හවුල්කරුවන් අතර වේ. අභිරුචිකරණය කරන ලද කාච Viber වේදිකාව භාවිතා කරන්නන් සහ ඔවුන් ආදරය කරන වෙළඳ නාම අතර සබඳතාවය වැඩි කරයි.

Viber යනු ඇමතුම් සහ පණිවිඩ යැවීමේ යෙදුමකි, එය මිනිසුන් සම්බන්ධ කරන අතර නිර්මාණාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි – ඔවුන් කවුරුන්ද යන වග හෝ කොතැනක සිටීද යන වග ඊට අදාල වන්නේ නැත. Viber හි පුද්ගලික සහ කණ්ඩායම් කතාබහ සඳහා එක අන්තයක සිට අනවසරයෙන් ප්‍රවේශ වීම වළක්වා ඇති බැවින් පරිශීලකයින්ට ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සැමවිටම පුද්ගලික සහ ආරක්ෂිත බව සහතික කළ හැකිය.

Viber කාච යනු යෙදුමේ පවත්නා ස්ටිකර් එකතුවට වඩා ඉහළ පරාසයේ එකතු කිරීමක් වන අතර එමඟින් කතාබහ කරන අතරතුර දෘශ්‍යමාන ලෙස ප්‍රකාශ කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ. Viber විසින් Snap හි කැමරා කට්ටලය, නිර්මාණාත්මක කට්ටලය සහ බිට්මෝජි (Bitmoji) භාවිතා කිරීම Viber විසින් මිනිසුන්ව වඩාත් සමීප කරවීමට සහ එම සම්බන්ධතා වඩාත් අර්ථවත් හා ප්‍රීතිමත් කිරීමට යොදාගනු ලැබූ අමතර ක්‍රම වේ.

Visits: 29