දෛනික වැටුප් ලබන කොළඹ ජනතාවට සෙලින්කෝ ලයිෆ් වියලි ආහාර ද්‍රව්‍ය බෙදයි

කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලද බව පවසයි.

මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක ප‍්‍රමාණයක් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් කොළඹ කොම්පඤ්ඤවීදිය සහ ටොරින්ටන් සහ අවට ප‍්‍රදේශවල වාසය කරන ජනතාවට බෙදා දෙන ලදී.

මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගමට, ද කොන්සෝටියම් ඔෆ් හියුමෙනිටේරියන් ඒජන්සීස් හි, (CHA) මානුෂීය කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ සහයෝගය හිමිවිය. මෙහිදී, බෙදාදුන් වියලි ආහාර මළු වලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක පිරිවැය සමාගමේ ස්ථීර සේවකයින් 324 දෙනෙකු විසින් දරා තිබීම කැපී පෙණුනු කාරණයකි.     

මේ අතර, කොවිඞ්-19 තුරන් කිරීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින රෝහල් තෝරා ගනිමින් ඒවාට අවශ්‍ය ශ්වසනාධාර උපකරණ සමාගම විසින් පසුගිය කාලයේදී රෝහල් කිහිපයක් වෙත පරිත්‍යාග කිරීම සිදු කර ඇත. මෙම වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගමේ, ශ‍්‍රී ලංකා පොලීසියේ සහ මානුෂීය කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ සාමාජිකයින් සහභාගී වී තිබේ.

Visits: 21