‘DFCC ඩිජිටල් දන්සැල’ රු. මිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු බවත්, එම නිසාම සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ, ගනුදෙනුකරුවන්, DFCC බැංකුව, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රු. මිලියනයකට අධික මුදලක් එම අරමුදලෙහි එක්රැස් වූ බවත් බැංකුව පවසයි.

අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ මෙම ඩිජිටල් දන්සැල වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හා සංචරණ සීමාවන් නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී ඇතිජනතාවටවියළි ආහාර ලබාදීම මෙහි මූලික අරමුණ විය.

යාපනය,වැල්ලවාය, බණ්ඩාරවෙල, නුවරඑළිය, බදුල්ල, හැටන්, මොණරාගල, ඇඹිලිපිටිය, වැලිමඩ, බලන්ගොඩ, බුත්තල, බිබිලේ, මහියංගණය, ගොඩකවෙල, මාතලේ, මාතර, රදම්පළ, අකුරැස්ස, අම්බලන්තොට, පුත්තලම, කොළඹ, නාවල, නුගේගොඩ, සහ මාලබේ යන ප්‍රදේශ ඇතුළුව, දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා 139 ආශ්‍රිත ප්‍රදේශ වල, දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව අතරමේ ආකාරයට වියළි ආහාර බෙදා දෙන ලදි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට අප කැමතියි. ඔවුන්ගේ සහයෝගය නොලැබුණා නම් අපට මේ ඉලක්කය සපුරා ගැනීමට හැකි නොවන්නට ඉඩ තිබුණා. දුෂ්කරතා වලට මුහුණ දී සිටින ජනතාවට ප්‍රමාණවත් සහනයක් සැලසීමට, ගනුදෙනුකරුවන් පරිත්‍යාග කළ මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට අප කටයුතු කළා. මෙවැනි අභියෝගකාරී කාල වකවානුවක, එකිනෙකා හා සම්බන්ධ වී ඔවුනොවුන්ට උපකාර කිරීමට නම්, සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවිය යුතු වනවා. DFCC Virtual Wallet හරහා අප සංවිධානය කළ DFCC ඩිජිටල් දන්සැල වැඩසටහන ඒ සඳහා හොඳ උදාහරණයක්. ඩිජිටල් අතුරු මුහුණතක් භාවිතා කරමින්, රටේ විශාල පිරිසකටසහන සැලසූ මෙවැනි වැඩසහටහනක් සංවිධානය කළ එකම බැංකුව DFCC බැංකුව බව මා කියන්නේ ආඩම්බරයෙන්.”  යනුවෙන් පැවසීය.

Visits: 36