SME ව්‍යවසායකයින්ට එමිරේට්ස් බිස්නස් රිවෝර්ඩ්ස් වෙතින් ප්‍රතිලාභයක්

එක්සත් ජාතීන්ගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක දිනය සැමරීමට සහ කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට මෙම අංශය දක්වන ඉහළ දායකත්වය ඇගයීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට යළිත් ගුවන් ගමන් සිදුකිරීමට අවශ්‍ය සවිබලය එමිරේට්ස් විසින් ලබාදී ඇතැයි පවසයි.

මේ අනුව, 2021 ජුනි 27 වනදා සිට ජූලි 27 වනදා දක්වා එමිරේට්ස් බිස්නස් රිවෝර්ඞ්ස් කෝපරේට් ලෝයල්ටි වැඩසටහනේ ලියාපදිංචි වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට බිස්නස් රිවෝර්ඞ්ස් පොයින්ට් 10,000 ක් බෝනස් එකක් ලෙස හිමිවන අතර එය යුරෝපයේ ගමනාන්තයකට ඉකොනොමි පන්තියේ යෑමට සහ ඒමට නොමිලේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයක් පිරිනැමීමට සමාන වේ. 

මෙම එමිරේට්ස් බිස්නස් රිවෝර්ඞ්ස් බෝනස් පොයින්ට්ස් ප‍්‍රතිලාභ සඳහා ලියාපදිංචි වීමට සහ ලබාගැනීමට වෙබ් අඩවියට පිවිසිය හැකිය. එමිරේට්ස් බිස්නස් රිවෝර්ඩ්ස් වැඩසටහනේ මේ වනවිට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 20″000 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර සරලව ලියාපදිංචි වීම, පහසුවෙන් ලකුණු රැස්කර ගැනීමට සහ හිලව් කිරීමට හැකිවීම, මෙම පොයින්ට්ස් භාවිතා කිරීමේදී සහ තබාගැනීමේදී ඉහළම පහසුවක් ලබාදීම මෙන්ම අවසාන මොහොතේ ගුවන් ටිකට් පත් මිලදීගැනීමේ අවස්ථාව ඇතුළු ප‍්‍රතිලාභ මාලාවක් මෙම වැඩසටහන මගින් ලබාදෙයි.

බොහෝ රටවල් සිය සංචරණ සීමාවන් ඉවත් කිරීමත් සමග ව්‍යාපාරික ගමන් ඉහළ යමින් තිබෙන අතර ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් ගමන් සැලසුම් කිරීමට හැකි නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ගුවන් ගමන් ඉල්ලූමේ වර්ධනයට සාධකයක් වී තිබෙන බව එමිරේට්ස් සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා එමිරේට්ස් නිරන්තරයෙන් සහයෝගය ලබාදෙයි. එමිරේට්ස් බිස්නස් රිවෝර්ඞ්ස් වැඩසටහනේ සාමාජිකයින් එමිරේට්ස්හි න්‍යමශීලී ගුවන් ප‍්‍රවේශ පත් වෙන්කර ගැනීමේ ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රතිලාභ ලබන අතර එය මෙම කර්මාන්තයේ තිබෙන වඩාත්ම කාරුණික ප‍්‍රතිපත්තිය ලෙස සැළකේ.

මෙමගින් ආතතියකින් තොරව සංචාර සැලසුම් කර ගැනීමට අවස්ථාව මෙන්ම බහුවිධ අවධානම් රක්ෂණාවරණයක් සපයනු ලබයි. කොවිඞ් වසංගතය ආරම්භවූදා පටන් බිස්නස් රිවෝර්ඞ්ස් වැඩසටහනේ සාමාජිකයින්ට තමන්ගේ සංචාරක සැලසුම් වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් තමන්ගේ පොයින්ට්ස් දීර්ඝ කරගැනීමේ අමතර අවස්ථාවද එමිරේට්ස් විසින් ලබාදී තිබේ.

Visits: 54