ප්‍රීමා වෙතින් මීගමුව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ප‍්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් ලිමිටඞ් විසින් මීගමුව මහ රෝහලට කඩිනමින් සම්පාදනය කරගත යුතුව තිබූ වෛද්‍ය උපකරණ අවශ්‍යතාවක් සපුරාලමින් රු. 2, 500, 000 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ තොගයක් 2021 ජූනි 26 දා පරිත්‍යාග කරන ලද බව පවසයි.

ප‍්‍රීමා සමාගම විසින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකීය ජන සමාජය යළි නගාසිටුවීමෙහිලා සමාජ සත්කාරක කටයුතු රැුසක් පසුගිය කාලය පුරා ක‍්‍රියාත්මක කරන ලද අතර මීගමුව මහ රෝහල විසින් ප‍්‍රීමා සමාගමෙන් කරන ලද ඉල්ලීමක් අනුව කොරෝනා ප‍්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලෙස එම පරිත්‍යාගය සිදු කෙරිණ.

එම වෛද්‍ය උපකරණ තොගය සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් ලිමිටඞ් (ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහය) සාමාන්‍යාධිකාරී ෂුන් ටියෙන් ශින් මහතා අතින් ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා යෝගනාදන් මහත්මිය වෙත භාරදුන් අතර එම අවස්ථාවට ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහය නියෝජනය කරමින් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් ලිමිටඞ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (මහජන සබඳතා) ඩබ්ලියු. ඒ. ජයතිස්ස මහතා එක්ව තිබේ.

Visits: 30