ලයන් බෘවරි සිලෝන් රුපියල් 14.40 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 14.40 ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම නිවේදනය කරයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී අදාළ ලාභාංශ ලබා දෙන දිනය ලෙස ජූලි 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 07 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

මීට පෙර ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයේදීය. 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් ලාභාංශ ගෙවීම ලෙස සඳහන් වූ මේ හරහා සෑම කොටස්හිමිකරුවෙකු වෙතම රුපියල් 8.00ක් බැගින් ලබා දී ඇත.

Visits: 351