INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ජනාදරයට පාත්‍ර වූ ප්‍රධානතම වෙළඳ නාම 100 අතරට

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන ‘LMD Brands Annual’ වාර්ෂික සන්නාම විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාව තුළ ඉහළම ජනාදරයක් දිනාගත් වෙළෙඳ නාම 100 අතරට නම් කෙරී ඇතැයි පවසයි.

මෙම ජයග්‍රහණය මෙන් ම 2021 SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 10 වන වරටත් ‘වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස ජනතා සම්මානයට පාත්‍ර වීම මගින් INSEE සංස්ථා සන්නාමය වසර ගණනාවක් තිස්සේ රැකගත් පාරිභෝගික විශ්වාසය විදහා දක්වයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා ” අපි අපගේ විශ්වාසවන්ත පාරිභෝගික ජනතාවට ගුණාත්මක බවින් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ලබා දෙන බවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්. ඒ නිසාම INSEE සංස්ථා මේ රටේ ඉහළම ජනාදරය හිමිකරගත් සිමෙන්ති සන්නාමය බවට පත් වීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “පාරිභෝගික ජනතාව වසර ගණනාවක් තිස්සේ හොඳින් දන්නා, ඒ වගේම ඔවුන් ආදරය කරන වෙළඳ නාමවලට ආකර්ෂණය වන බව පසුගිය අභියෝගාත්මක කාලයේ දී අපි දුටුවා. ඒ නිසාම වේගයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳව හොඳින් අවබෝධ කර ගනිමින්, ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ඔවුන් වෙත ලබාදීමට වෙහෙසෙන INSEE සංස්ථා වැනි සන්නාම ඇගයීමට කටයුතු කිරීම ඇත්තටම සතුටට කරුණක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෘත්තීයමය ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තුළ භාවිත වන අංක 1 සිමෙන්ති සන්නාමය විදියට INSEE සංස්ථා රැකගත් ස්ථාවරය ඉදිරියටත් ආරක්ෂා කර ගැනීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ” යනුවෙන් සඳහන් කර තිබේ.

INSEE සංස්ථා යනු සුපිරි මිශ්‍රිත සිමෙන්ති නිෂ්පාදනයකි. එමෙන් ම එය SLS 1253 ප්‍රමිතිය යටතේ, 100% දේශීයව නිෂ්පාදනය කර මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් ප්‍රථම බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනය යි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) මගින් ‘හරිත රන් සම්මානයෙන්’ ද පිදුම් ලබා තිබේ.

මෙරට සෑම නිවාස ඉදිකිරීම් 3 කි න් 2 ක් සඳහා ම INSEE සංස්ථා නිෂ්පාදනය යොදාගෙන ඇති අතර , මෙම නිෂ්පාදනය යොදාගනිමින් වැඩ කිරීමේ දී ඇති පහසුව සහ සුවිශේෂී නිමාව නිසා ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඉහළම තේරීම බවට INSEE සංස්ථා පත් වී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. INSEE සංස්ථා නිෂ්පාදනය භාවිත කිරීමේ දී එම නිෂ්පාදනයේ අංශු ඉතා හොඳින් මිශ්‍ර වන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඝනත්වය වැඩි වේ. මේ හේතුවෙන් එම ඉදි කිරීම් ජලයෙන් තොර, ශක්තියෙන් උසස් මෙන්ම, අතිශය කල් පවතින ඒවා බව අවධාරණය කළ යුතුම බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 122