SLIIT විසින් 2021 උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීම් නිවේදනය කරයි

රටේ විශාලතම රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතනය වන SLIIT, 2021 සඳහා වන උපාධි අපේක්ෂක උපාධි පාඨමාලා පසුගිය මැයි මාසෙය්දී ආරම්භ කළ බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, මනෝ විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීතිය, හෙද, සංචාරක හා ආගන්තුක සත්කාර ඇතුළු පුළුල් හා ආකර්ෂණීය උපාධි පාඨමාලා සිසුන්ට තෝරා ගත හැකිය. ඊට අමතරව සිසුන්ට විශේෂ වූ අන්තර් විනය පිළිබඳව සමකළ නොහැකි උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමටද මේ මගින් හැකිවේ.

SLIIT විසින් ප්‍රධානය කරනු ලබන උපාධි සම්මාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (U.G.C) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත. තවද 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ප්‍රශංසනීය ලෙස ප්‍රතිඵල පෙන්වූ සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථාද පිරිනැමේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන SLIIT හි අධ්‍යයන කටයුතු හා සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ යෂස් මල්ලවාරච්චි මහතා “වසංගත තත්ත්වය නිසා හටගත් අභියෝගයන් හමුවේ වුවද දෙමුහුන් හා ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රම ඔස්සේ සිසුන්ට අඛණ්ඩව සහයෝගය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. මෙම උත්සාහයන් තුළින් සිසුන්ට උසස් මට්ටමේ අධ්‍යාපනික අත්දැකීමක් ලබා දීමට අපට ඇති හැකියාව සාර්ථකයි.” යනුවෙන් පවසයි.

SLIIT වසර පුරා උසස් මට්ටමින් අධ්‍යාපනික ප්‍රමිතීන් පවත්වා ගෙන යන අතර සිසුන්ට වෘත්තීය හා මිත්‍රශීලී පරිසරයක් තුළ ඉලක්කගත අධ්‍යාපනයක් ලබා දෙයි. විෂයමාලා සහ අනාගත වෘත්තීය අවස්ථා අතර සමීප සම්බන්ධතාවයක් සිසුන් වෙත ලබා දෙමින් SLIIT ඔවුන්ගේ දියුණුව සඳහා දොරටු විවර කරයි.

අනාගත වෘත්තිකයින් ලෙස සිසුන්ගේ හැකියාවන් සහතික කිරීම සඳහා SLIIT විසින් සීමාවාසික පුහුණුව, කාර්මික පුහුණුව සහ අදාළ ස්ථානයන් වෙත සිසුන් යොමු කිරීමේ අවස්ථාවන්ට පහසුකම් සපයයි.

උපාධි අපේක්ෂකයින් ස්ථාන මාරුවීම් බලාපොරොත්තුව පසුවන්නේ නම්, ඔවුන් හට SLIIT හි පුළුල් පරාසය තුළ හවුල්කාර විශ්ව විද්‍යාල පහසුවෙන් තෝරා ගැනීමේ අවස්ථාවද හිමේ වේ. ස්ථාන මාරු කරන SLIIT සිසුන්ට සිය දැනුම වැඩි දියුණු කිරීමටත් සහ ආකර්ෂණීය විවිධත්වයෙන් යුතු සංස්කෘතික පරිසරයකට හැඩ ගැසීමට හැකියාව ලැබේ.

මැයි මස බඳවා ගැනීමේ වැඩසටහන් සඳහා වන අයදුම්පත් www.sliit.lk වෙතින් ලබා ගත හැකිය. නියමාකාරයට පුරවන ලද අයදුම්පත් admission@sliit.lk යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කළ යුතුය.

මෙහිදී සිසුන් භාෂා තුනෙන්ම ඔන් ලයින් තාක්ෂනය හරහා කෙරෙන යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය වේ. SLIIT උපාධි පාඨමාලා වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර +94 0117544801 දුරකථන අංකයෙන්, info@sliit.lk විද්‍යුත් තැපෑලෙන් හෝ www.sliit.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Visits: 104