CDB රුපියල් 7.50 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි (CDB.N0000) සහ නිෂ්ඡන්ද කොටස් (CDB.X0000) හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව පිළිවෙලින් ඡන්ද හිමි කොටස් සහ නිෂ්ඡන්ද කොටස් සඳහා රුපියල් 7.50ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලෙස අගෝස්තු 19 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 02 වැනිදා නම් කෙරී ඇත.

කෙසේ වෙතත් මෙම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් සඳහා ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. ඒ අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහාවන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 30 වැනිදා පැවැත්වීමටත් සමාගම කටයුතු යොදා ඇත.

සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කර ඇත්තේ 2019 සැප්තැම්බර්ම මාසයේදීය. 2019 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2018/2019 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත.

Visits: 277