DVP ගැන සිංහලෙන් සාකච්ඡාවක් අද පස්වරු 5.30ට ෆේස්බුක් ලයිව් ඔස්සේ

කොළඹ කොටස් හුවමාරුව වෙත අලුතින්ම හඳුන්වාදීමට යන නව DVP ක්‍රමය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද සවස 5.30 සිය ෆේස්බුක් නිල පිටුව ඔස්සේ සජීවීව ඉදිරිපත් කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Lets Talk DVP ලෙසින් පැවැත්වෙන මෙම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනෙහි සම්පත් දායකයන් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, එහි ප්‍රධාන තොරතුරු නිලධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ, ෆර්ස්ට් කැපිටල් ඉක්වටීස් (පෞද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ලංකා කොටස්තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති ජාලිය විජේරත්න, කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් අවදානම් කළමනාකරණ සහ පසු ගනුදෙනු පියවීම් අංශ ප්‍රධානී දුලනි වර්ණකුලසූරිය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ අධ්‍යයනය පිළිබඳ අධ්‍යක්ෂ තුෂාර ජයරත්න යන මහත්ම මහත්මීන් සම්බන්ධ වෙයි.

මෙම සාකච්ඡාව සඳහා ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතින අතර, එම ප්‍රශ්න ට්විටර් (https://twitter.com/CSE_Media) පිටුව වෙත ඉදිරිපත් කරන ලෙසද කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 269