හෙට (ජූනි 21) සිට ජූලි 05 දක්වා සංචරණ සීමා ලිහිල් වෙන්නේ මෙහෙමයි
හෙට (ජූනි 21 වැනිදා) සිට ලිහිල් කෙරෙන සංචරණ සීමා ලබන ජූලි 05 වැනිදා දක්වා වලංගු වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළදී බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් සඳහා වෙන වෙනම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුව තිබේ.
කෙසේ වෙතත් හෙට දිනයේ සිට ඉදිරියටත් අන්තර් පළාත් සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර දිස්ත්‍රික්ක අනුව රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් සිදුවන ක්‍රමෝපාන්විත සැලැස්මක් අනුව ඉන් පසුව දිස්ත්‍රික්ක වර්ගීකරණය කරනු ලබන බවත් එහි සඳහන් වෙයි. ඒ අනුව දිස්ත්‍රික්කවල තවදුරටත් සංචරණ සීමා ලිහිල් කිරීම හෝ සීමාවන් දැඩි කිරීමක් මෙහිදී සිදුවිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස ජූනි මස 21 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා සංචරණ සීමාවන් ලිහිල් වන ආකාරය මෙසේය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/june-21-luly-05-744x1024.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/june-21-luly-05-2-744x1024.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/06/03june-21-luly-05-744x1024.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 172