WSO2 සමාගම Platformer අත්පත් කරගනිමින් Kubernetes හැකියාවන් පුළුල් කරයි

ඩිජිටල් පරිණාමන තාක්‍ෂණයේ ප්‍රමුඛයා වන WSO2 ව්‍යවසාය මට්ටමේ ක්ලවුඩ් හා සම්බන්ධ යෙදුම් වේදිකාවක නවෝත්පාදකයකු වන Platformer අත්පත් කර ගත් බව නිවේදනය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස Choreo Next-Generation Integration Platform ලෙස සිය Kubernetes හැකියාවන් පුළුල් කරමින් නව සේවාවක් ආරම්භ කළ බවත් පවසයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදුකරන ප්ලැට්ෆෝමර්, ඉදිරියේදී WSO2 හි කොටසක් ලෙස ක්‍රියාකරමින් Choreo හි දත්ත තලයේ Kubernetes හැකියාවන් පුළුල් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත් සඳහන් කරයි.  

අද වනවිට ලොව විශාලතම සමාගම්, ඉහළම විශ්ව විද්‍යාල සහ රජයන් ඇතුළු සංවිධාන දහස් ගණනක් ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තනය සඳහා WSO2 හි විවෘත මෘදුකාංග cloud native විසඳුම් මත විශ්වාසය තබයි. ඒ අනුව මෙම වේදිකාව හරහා ඔවුන් වාර්ෂිකව ට්‍රිලියන 18 කට අධික ගනුදෙනුද සිදු කරයි.

API කළමනාකරණය, ඒකාබද්ධ කිරීම සහ පාරිභෝගික අනන්‍යතාවය සහ ප්‍රවේශ කළමනාකරණය (CIAM) සඳහා WSO2 භාවිතා කරමින්, මෙම සංවිධාන ඔවුන්ගේ ඩිජිටල් සේවාවන් සහ යෙදුම් ආරක්ෂිතව ලබා දීම සඳහා තම API හි පූර්ණ හැකියාවන් යොදා ගනියි.

මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන WSO2 හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවරණ මහතා “Kubernetes යනු cloud native යෙදුම් සංවර්ධනය කිරීම හා යෙදවීම සඳහා වන නියම ප්‍රමිතියයි. අපගේ Choreo iPaaS වෙත Platformer සමාගමේ අති නවීන තාක්‍ෂණය එකතු කරමින්, cloud native engineering සඳහා native Kubernetes සහය දැක්වීමට අපි කැපවී සිටිනවා. ”

මේ අතර මෙම අත්පත් කර ගැනීමත් සමඟ, Platformer හි සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කාංචන වික්‍රමසිංහ, WSO2 හි උප සභාපති සහ නිෂ්පාදන කළමනාකරු ලෙස චෝරියෝ ඩේටා සමඟ එක් වන බවත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Platformer හි සම-නිර්මාතෘ කාංචන වික්‍රමසිංහ මහතා,  “API කළමනාකරණය, ඒකාබද්ධ කිරීම සහ CIAM සඳහා වන WSO2 මෘදුකාංගය ලෝකයේ විශාලතම ආයතන කිහිපයක ඩිජිටල් සේවාවන් බලගන්වනවා. ඒ අනුව Choreo සමාගම Kubernetes විසින් බල ගැන්වෙන නව්‍යකරණ හා වේගවත් බවක් ඇති කරාවි. WSO2 සමඟ සම්බන්ධ වීමේදී, cloud native engineering ඩිජිටල් ව්‍යාපාර පරිමාණයෙන් ඉහළ නැංවීම සඳහා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ අපගේ හවුල් දැක්ම ඉදිරියට ගෙන යාමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 159