SLT-MOBITEL ‍නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000ක් පරිත්‍යාග කරයි

SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ,නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000 කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළ බව පවසයි.

පුස්තකාල පොත්පත් හිඟතාවයක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, ජාතික කියවීමේ මාසය වැඩසටහනට සමගාමීව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදි.

SLT-MOBITELජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, නුවරඑළිය ප්‍රාදේශීය ටෙලිකොම්කාර්යාලයේ කාර්යමණ්ඩලය, සහනුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන්සහ සිසුන්ඇතුළු පිරිසක් මෙමපොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවටසහභාගීවූහ.

මෙලෙස පරිත්‍යාග කරන ලද පොත්ආයතනයේ,මධ්‍යම හා ඌව ප්‍රාදේශීය කාර්යාල වල කාර්ය මණ්ඩලය විසින්එක්රැස්a කරන ලදී. එමෙන්ම SLT-MOBITEL පාරිභෝගිකයන් සහ මහජනතාවද මෙම වැඩසටහන සඳහා පොත් පරිත්‍යාග කර තිබේ. මීට අමතරව නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, ඊට අදාළ උපාංග නොමිලේ සවිකර දීමටත් SLT-MOBITELපියවර ගෙන ඇත

ඉදිරියේදී ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහන තවත් පුළුල් අයුරින් ඉදිරියට කරගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ පොත්පත් භාරගැනීමට SLT-MOBITELඅපේක්ෂා කරයි. එසේ පරිත්‍යාග කරනු ලබන පොත්පත්, කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයට මෙන්ම, රටපුරා විසිරී ඇති SLT-MOBITEL Teleshop ප්‍රදර්ශනාගාර වෙතද භාරදිය හැක.

Visits: 31