සංචරණ සීමා කාලය තුළ HNB වෙතින් ආරක්ෂිත online සාප්පු සවාරි අත්දැකීමක්

නිවසේ සුරක්ෂිතව සිටියදීම ගනුදෙනුකාරභවතුන්ට හොඳම ප‍්‍රතිලාභ ලබා දීම අරමුණින් දිවයිනේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විශේෂ වට්ටම් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් විකල්ප ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ online වෙබ්අඩවි සමඟ අත්වැල් බැඳගෙන ඇතැයි පවසයි.

මෙම හවුල්කාරීත්වයන් තුළින් HNB කාඞ්පත් හිමියන්ට සුරක්ෂිතව නිවසේ සිට තෝරා ගත් වෙළෙඳ සහකරුවන් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී 55%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා ගත හැකි බව HNB දන්වා සිටී. එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විශේෂ දීමනාවක් ලෙස ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳ සහකරුවන් සමඟින් 2021 පුනි 15 සිට පුනි 30 වනදා දක්වා සිදු කරන ඕනෑම ගනුදෙනුවක් සඳහා අමතර ගාස්තුවලින් තොරව මාස 24ක් දක්වා වාරික ගෙවීමේ විකල්පයන් හිමි වන අතර මාස 60ක් දක්වා වාරික ජුනි මාසය තුළ සුළු ගාස්තුවක් සමඟින් ගෙවිය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය ‘‘පසුගිය මාස කිහිපය අප බොහෝදෙනෙකුට දැඩි අභියෝගාත්මක කාල සීමාවක් වුනා. එනිසා අපගේ විශ්වසනීය ගනුදෙනුකාරභවතුන්ට වෙළෙඳපොලේ ඇති හොඳම දේ වෙත ප‍්‍රවේශය ලබා දෙමින් ඔවුන් මත පැටවී ඇති බර අවම කිරීම සඳහා අපගේ යුතුකම ඉටු කිරීමට අපට අවශ්‍ය වුනා. කොවිඞ්-19 වසංගතය ආරම්භයේ සිටම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අප දැරූ ප‍්‍රයත්නයන් දෙගුණයකින් වැඩි කරනු ලැබූ අතර අඛණ්ඩව සැපයුම් මාර්ග ලබා දීම සහතික කිරීම සඳහා අපගේ වෙළෙඳ හා බෙදා හැරීමේ සහකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට කැපවී සිටිනවා.’’ යනුවෙන් පැවසුවාය.

HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට 2021 ජුනි 16 සිට ජුනි 30 වනදා දක්වා Keells online හෝ Keells Mobile App හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා නොමිලේ ඔවුන්ගේ නිවසටම ගෙන්වා ගත හැකිය. මේ අතර PickMe Market වෙතින් රුපියල් 2000/- ට වැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රුපියල් 500ක වට්ටමක් ද, Uber Eats – Grocery වෙතින් රුපියල් 1500/-ට වැඩි ඇණවුම් 5ක් සඳහා 2021 ජුනි 30 වනදා දක්වා නොමිලේ නිවසටම ගෙන්වා ගත හැකි අතර 2021 දෙසැම්බර් 31 දක්වා ග්ලෝමාර්ක් (Glomark) වෙතින් සෑම සිකුරාදා දිනකම රුපියල් 4000/-ට වැඩි බිල්පත් සඳහා 20%ක වට්ටමක් ලබා දෙනු ඇත.

Daraz, Wasi.lk, athalangata.lk සහ Lovetubuy.lk වැනි අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවි මගින් තෝරාගත් භාණ්ඩ මිලදී ගැනීමේදී HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට 10% ක් දක්වා වට්ටමක් ලබා දෙනු ඇත. අමතර ගාස්තු ගෙවීමක් නොමැතිව මාස 24 ක් දක්වා පහසු වාරික ගෙවීමේ විකල්පයන් ද මෙම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවි මගින් ජුනි මාසය පුරාවට ගනුදෙනුකාරභවතුන්ට ලබා ගත හැකිය.  

තවද HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට තෝරාගත් භාණ්ඩ සඳහා 55%ක් දක්වා mysoftlogic.lk මගින් වට්ටම් හිමි වන අතර Singer.lk වෙතින් සෑම ඉරිදා දිනකම හා Buyabans.com වෙතින් සෑම සිකුරාදා දිනකම පිළිවෙලින් අමතර 5%ක හා 10%ක වට්ටමක් ලබා ගැනීම සඳහා අවස්ථාව හිමි වනු ඇත. මෙම සංචරණ සීමා කාලය තුළ තමන්ගේ දෛනික ශාරීරික ව්‍යායාමයන් අතපසු කිරීමට අකමැති HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට www.quantum.lk වෙතින් 15%ක වට්ටමක් සමඟ ගෘහස්ථ ව්‍යායාම උපකරණ සහ උපාංග ලබා ගැනීමට හැකියාව තිබෙන අතර අමතර ගාස්තුවලින් තොරව මාස 48ක් දක්වා ඉහත සඳහන් තෝරා ගත් ජීවන විලාසිතා වෙළෙඳනාම සහකරුවන් වෙත පහසු වාරික ගෙවීමේ විකල්පයන් හඳුන්වා දී ඇත.

එමෙන්ම HNB කාඞ්පත්හිමියන්ට Cinnamon Lakeside, Cinnamon Grand, The Kingsbury, Galadari, Ramada, Taj Samudra, Waters Edge, PappaRich, Asylum, Taco Bell, The Café Noir සහ Mama Louie’s වැනි කොළඹ පිහිටි ප‍්‍රමුඛ පෙළේ අවන්හල්වලින් විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ ඉතා ප‍්‍රණීත ආහාර පාන කෙලින්ම නිවසටම ලබා ගත හැකිය. ජුනි මාසයේදී Uber Eats විසින් නව පරිශීලකයින්ට සිදු කරනු ලබන පළමු ඩිලිවරි සේවා 2 සඳහා (රුපියල් 500ක උපරිම වට්ටමක් සහිතව) 50%ක වට්ටමක් ලබා දෙනු ඇති අතර Pizza Hut විසින් HNB සමඟ එක්ව සෑම මසකම තුන්වන බදාදා දිනකම පවත්වනු ලබන Buy One Get One Free දීමනාව අඛණ්ඩව සිදු කරනු ඇත. 2021 දෙසැම්බර් දක්වා Pizza Hut වෙබ් අඩවිය මෙන්ම Pizza Hut app හරහා ද මෙම ප‍්‍රවර්ධනය හා සම්බන්ධ විය හැකිය.

නිසි වේලාවට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව සැලකිල්ලට ගනිමින් HNB කාඞ්පත්හිමියන්ට අගෝස්තු මස 31 වනදා දක්වා ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරුව සඳහා quickmed.lk හරහා බෙහෙත් මිලදී ගැනීමේදී රුපියල් 1000/- වැඩි බිල්පත් සඳහා 10%ක වට්ටමක් ලබා ගැනීමේ අවස්ථාව ද පවතී. මීට අමරතව පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය සපයන්නෙකු වන Promate විසින් ජුනි 20 වනදා දක්වා promateworld.com හරහා කරනු ලබන මිලදී ගැනීම් සඳහා 35%ක් දක්වා වට්ටමක්ද ලබා දෙනු ඇත. තවද www.atlas.lk/myshop හරහා ලිපි ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී 25%ක් දක්වා වට්ටම් ජූලි මස 31 දක්වා ලබා ගත හැකිය.

මෙම කාල සීමාව තුළ අළුතින් රක්ෂණ සැලසුම් ලබා ගැනීමට අපේක්ෂා කරන HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට insureme.lk වෙතින් මාස 12ක් දක්වා අමතර ගාස්තුවලින් තොරව පහසු වාරික ගෙවීමේ සැලසුමකට අමරතව 10%ක වට්ටමක්ද ලබා ගැනීමට හැකියාව ඇත. insureme.lk වෙතින් පමණක් ලබා ගත හැකි මෙම ප‍්‍රතිලාභය 2021 දෙසැම්බර් 31 වනදා දක්වා ක‍්‍රියාත්මකය.

ඉහත සඳහන් කළ දීමනා සහ වට්ටම් පිළිබඳ වැඩි විස්තර https://www.hnb.net/personal/promotions/card-promotions ඔස්සේ ලබා ගත හැකිය.

Visits: 50