යල කන්නයේ බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් රුපියල් බිලියන 2ක්

ශ‍්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරිඟු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන් කරන බව නිවේදනය කර සිටී.

ක‍්‍රිස්බ්‍රෝ හි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරිඟු දිස්ත‍්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින 2000කට ආසන්න බඩඉරිඟු ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදු කෙරේ.

බඩඉරිඟු ගොවීන් සමග ඇති කර ගෙන ඇති අස්වැන්න මිලදී ගැනීමේ ගිවිසුම් ප‍්‍රකාරව මෙම කටයුතු සිදුකෙරෙන අතර මෙරට මුළු බඩ බඩඉරිඟු අස්වැන්නෙන් විශාලතම කොටස ක‍්‍රිස්බ්‍රෝ විසින් මිලදී ගනු ලබයි. මෙසේ ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා අස්වැන්න සමාගමේ අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක‍්‍රියාවලියම පරිඝණක ගත කර ඇති බැවින් කිසිදු අපහසුවකින් හෝ ප‍්‍රමාදයකින් තොරව ගොවි ජනතාවගේ බඩ ඉරි`ගු අස්වැන්න මිලදී ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හැකියාව ලැබී ඇත

ක‍්‍රිස්බ්‍රෝ සමූහයට අයත් ෆෝචූන් ඇග්‍රෝ හි ඒකාබද්ධ ව්‍යවසායක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම ගබඩා සංකීර්ණය මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාන්ඩුව ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර මෙරට ස්ථාපිතව ඇති විශාලතම බඩඉරිඟු ගබඩාව බවට පත් ව ඇත. දිස්ත‍්‍රික්ක කිහිපයක ගොවිජනතාව විසින් ගෙන එන ලබන බඩඉරිඟු මිලදී ගැනීමේ සිට ගබඩා කිරීම දක්වා ක‍්‍රියාවලිය අතිනවීන තාක්ෂණික ක‍්‍රමවේදයකට සිදු කෙරෙන අතර ගොවි ජනතාවගේ මුදල් කඩිනමින් ලබාදීමට ද මෙමගින් හැකියාව ලැබී ඇත.

මෙම ගබඩා සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර ඇති අතර මෙහි ඉදිකර ඇති සිලින්ඩරාකාර ධාන්‍ය ගබඩාවන් 4 තුළ උපරිම වශයෙන් මෙට්‍්‍රක්ටොන් 16,000ක බඩඉරිඟු ධාරිතාවක් තබා ගත හැක. එමෙන්ම ගොවිජනතාවගෙන් මිලදී ගන්නා බඩඉරිඟු තෙත් සහ වියළි ධාන්‍ය ලෙස ගබඩා කිරීමේ හැකියාව ද හෙමි පවතී. කුකුළු කර්මාන්තයේ නියැලෙන සමාගම් අතුරින් මෙතරම් විශාලත්වයකින් සහ ඉහළ ධාරිතාවකින් යුතු ගබඩා සංකීර්ණයක් පවතින්නේ ක‍්‍රිස්බ්‍රෝ සමාගමට පමණි.

ගොවිජනතාවගෙන් සෘජුව මිලදී ගන්නා බඩඉරිඟු තෙත බර සහිතව මුලින්ම මැන බැලෙන අතර ඉන් අනතුරුව තත්වකරණ පරීක්ෂණ ක‍්‍රියාවලිය වෙත යොමු කෙරේ. ඉන් අනතුරුව ජලවාශ්ප සහිත බඩඉරිඟු අස්වැන්න යන්ත‍්‍රානුසාරයෙන් වියලා ගන්නා අතර ගොවින්ට සිය අස්වැන්න සඳහා වියලි බරට මුදල් ගෙවීම සිදුකෙරේ. සියලූ ගෙවීම් අස්වැන්න ලබා දුන් දිනම ගොවින්ගේ ගිණුම්වලට බැර කෙර්. මිලදී ගන්නා අස්වැන්න ගබඩා කිරීම සඳහා මෙට්‍්‍රක්ටොන් 4000 බැගින් ධාන්‍ය ගබඩා 4ක් මෙහි ස්ථාපනය කර ඇත.

‘‘මෙම ගබඩා පහසුකම් ක‍්‍රියාත්මක වීමට පෙර අතරමැදියන් හරහා සිය අස්වැන්න විකුණා ගැනිමට ගොවීන්ට සිදු වූ අතර ඉතා අඩු මුදලකට සිය අස්වැන්න විකිණීමට සහ එසේ විකුණන අස්වැන්න සඳහා මුදල් ලබා ගැනීමට සති කිහිපයක් බලා ඉන්නටත් සිදු වූවා. කෙසේ වුවත් මේවන විට ඔවුන්ගේ බඩඉරිඟු අස්වැන්න සඳහා කොළඹ තොග මිල එදිනම සිය බැංකු ගිණුම් වෙතින් ලබා ගන්නට හැකිව තිබීම ගොවිජනතාව සවිබල ගැන්වීමෙහිලා ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස නිසැක වශයෙන්ම හැඳින්විය හැකියි. මෙය අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ගනු ලැබූ පියවරක් මෙන්ම ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ණය ගැති බව තුරන් කරමින් දේශීය කෘෂිකර්මාන්තය පුබුදුවාලීමට ක‍්‍රිස්බ්‍රෝ විසින් ලබා දුන් මාහැ`ගි දායකත්වයක් ලෙසද හැඳින්විය හැකියි’’ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලාර් මහතා පැවසීය.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ.

එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ‘FARM TO FORK’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත.

Visits: 163