මොහාන් ලාල් ග්‍රේරුත් ධම්මික පෙරේරා සමග එක්වෙයි

මෙරට සුප්‍රසිද්ධ භෞතික විද්‍යා දේශකයෙකු මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ නිර්මාතෘවරයා වන මොහාන් ලාල් ග්‍රේරු මහතා, ධම්මික පෙරේරා මහතා සහ එම මහත්මිය විසින් පවත්වාගෙන යන DP Education නම් අධ්‍යාපනික යූටියුබ් නාලිකාව සමගින් එක්ව ඇතැයි පවසයි.

ඒ අනුව උසස් පෙළට භෞතික විද්‍යාව – සරලව සිංහලෙන් – හැඳින්වීම සහ ඉතිහාසය ලෙස ඒ මහතා සිය පළමු පාඩුම DP Education යූටියුබ් නාලිකාවේ DP Education – Science වෙත එක් කර තිබේ.

https://www.youtube.com/playlist?list=PLVGqLK0f-9Beq8gL4TSAiOkssyrnzdWIC යන යූටියුබ් සබැඳිය හරහා මේ වෙත සම්බන්ධ විය හැකිය.

මෙය තමන් විසින් නොමිලේ පවත්වන ලබන අන්තර්ජාල උසස් පෙළ භෞතිකවිද්‍යා පන්තියක් බවත්, පාසල් විෂය නිර්දේශය අනුව සිංහල භාෂාවෙන් භෞතික විද්‍යාව ඉගැන්වීම සිදු කරන බවත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.

ලයිසියම් ජාත්‍යන්තර පාසැලෙහි නිර්මාතෘවරයා වන මොහාන් ලාල් ග්‍රේරු මහතා මීට පෙර දේශපාලනයට පිවිස කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම්ද ලබා ගත්තේය. එම අවස්ථාවේදී ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

Visits: 507