ජූලි 01 සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 15%කින් ඉහළට

ආනයන සහ අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු ජූලි 1 වැනි දා 15%කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

අද දිනයේදී පැවැති එම සංගමයේ විධායක සභාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති සහන් මංජුල මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

විශේෂයෙන්ම රජය මගින් ඩීසල් මිල රුපියල් 7කින් වැඩි කිරීම, ආනයන සීමා කිරීම් හේතුවෙන් බහලුම් ප්‍රවාහන රථවල අමතර කොටස් මිල 50%කින් පමණ ඉහළයාම, මීට අමතරව ටයර් සහ බැටරි  ලිහිසි තෙල් දිනෙන් දින ඉහළ යාම යන කරුණු නිසා මෙම තීරණය ගත් බව ද එම සංගමය මෙහිදී පවසා සිටියි.

Visits: 158