අදානි සමූහය සිමෙන්ති කර්මාන්තයටත් පිවිසෙයි

ඉදිකිරීමට නියමිත කොළඹ වරාය බටහිර පර්යන්තයේ ප්‍රධානම හවුල්කාර සමාගම වන ඉන්දියාවේ අදානි සමූහය සිය මෙහෙයුම් සිමෙන්ති ව්‍යාපාරය දක්වාත් පුළුල් කර ඇතැයි පවසයි.

අදානි සිමෙන්ට් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (ACIL) ලෙස සිය සමූහය යටතේ පවතින පූර්ණ අනුබද්ධිත නව සමාගමක් පිහිටුවමින් එම සමූහය පසුගියදා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වනවිට වරාය, ගුවන් තොටුපොළ, බලශක්තිය, ගෑස් ප්‍රවාහනය ඇතුළු අනෙකුත් ව්‍යාපාර මෙහෙයුම්වලට අමතරව දැන් අදානි සමූහය සිමෙන්ති කර්මාන්තයටත් පිවිස තිබේ.

“අදානි සිමෙන්ට් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම 2021 ජූනි 11 වැනිදා ඉන්දියාවේ ගුජරාට් හිදී සමාගමක් ලෙස ලියාපදිංචි කෙරුණා.” සමාගම පවසයි.

මෙහිදී අදානි සිමෙන්ට් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම මගින් සියලුම ආකාරයේ සිමෙන්ති නිෂ්පාදනය, සකස් කිරීම සහ ඇසුරුම් කිරීම සිදු කරන බව පවසා තිබේ.

අද වනවිට ඉන්දියාවේ සිමෙන්ති කර්මාන්තය ඉතාමත් විශාල ලෙස ව්‍යාප්තව පවතින අතර තරගකරුවන්ද රැසක් සිටියි. අල්ට්‍රා ටෙක් සිමෙන්ති, ACC, ශ්‍රී සිමෙන්ති, අම්බුජා සිමෙන්ති, ජේකේ සිමෙන්ති, ජේකේ ලක්ෂ්මි සිමෙන්ති ඒ අතරින් ප්‍රධාන වෙළෙඳ නාම වෙයි.

Visits: 495