‘INSEE’ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ නිල සිමෙන්ති සැපයුම්කරු වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජූනි 11 වැනිදා පොලොන්නරුවේදී විවෘත කෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේදී රෝහල ඉදිකිරීම සඳහා නිල සිමෙන්ති සැපයුම්කරු ලෙස INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමට මෙම රෝහල ඉදිකිරීම සඳහා නිල සිමෙන්ති සැපයුම්කරු ලෙස දායකවීමට ලැබීම සමාගමක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සඳහන් කරයි.

මෙම රෝහල තුළ නේවාසික ඇඳන් 200කින්, රුධිර කාන්දුකරණ ඇඳන් 100කින්, බාහිර ප්‍රතිකාර ඒකකයකින්, ශල්‍යාගාර 6කින් සමන්විතය.

එසේම එකවර 200 දෙනෙකුට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයකින් සහ වර්ග මීටර 25,517ක රෝහල් කාර්ය මණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සමඟින් මෙම සුවිශේෂී රෝහල නිර්මාණය කර තිබේ.

මෙහිදී තාක්‍ෂණිකව ඉහළ ඉල්ලුමක් පැවැති මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යුහය සඳහා INSEE සමාගම මගින්, අසමසම මුල් සම්පිඩ්‍යතා ශක්තියක් ඇති INSEE Rapid Flow නිෂ්පාදන යොදා ගෙන ඇත.

එසේම මෙහි සියලුම පෙදරේරු කාර්යයන් සහ අවසන් කිරිමේ කාර්යයන් සඳහා INSEE සංස්ථා නිෂ්පාදන සැපයීමක්ද සිදු කර තිබේ.

Visits: 152