සිංගර් ෆිනෑන්ස් (ලංකා) ලාභාංශ ගෙවීම ශත 80 ක් ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී (SFIN.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද රැස් වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ.

ඒඅනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 80 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී තිබේ.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 02 වැනිදා ප්‍රකාශයට පත්කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූනි 21 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16.20ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී සමාගමේ කොටසක් සඳහා වාර්තා කළ රුපියල් 16.00ට සාපේක්ෂව ශත 20ක එනම් 1.25% ඉහළ යාමකි.

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම 2019/20 මූල්‍ය වසර සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් සිදු නොකළ අතර, 2019 වසරේ මැයි මාසයේදී 2018/19 මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ගෙවීම සිදු කෙරිණි. එහිදී සෑම කොටසක් සඳහාම රුපියල් 1.10ක් බැගින් ලබා දීම සිදු විය.

Visits: 126