ක්‍රිස්බ්‍රෝ සමාගම වසංගතය හමුවේ විපතට පත්වූ සිය සේවක පවුල්වෙත සහන සලසයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇතැයි පවසයි.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක‍්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ කැපවී සිටින අතර සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කෝවිඞ් වසංගතයෙන් ආරක්ෂා කිරීම සහ එයින් ඇති ව තිබෙන බලපෑම අවම කිරීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග සමත් ව තිබෙන බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා,  ‘‘මෙවැනි අසීරු කාලවකවානුවක පවා අපගේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අප ඔවුන් සමග නිරතුරුවම සිටින බව විශ්වාසයෙන් පවසන්න කැමතියි. කෝවිඞ් වසංගතය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණදී සිටින අපගේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එම අසීරූ තත්වයන්ගෙන් මුදවාගැනීමට ද ගත හැකි සියලූ පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලැබෙන අපමණ සහයෝගයට අපගේ කෘතඥතාව ඔවුන් වෙත පළ කරන්න කැමතියි’’ යනුවෙන් පවසා සිටියි.

ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ කර්මාන්ත පරීශ‍්‍රයන්ගේ සුරක්ෂිත බව දැඩි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයන් පරිදි ආර්ඛසිත පියවරයන් අනුගමනය කරන අතර එම පියවරයන් පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සුපරීක්ෂනය යටතේ සිදු කෙරෙන බවත් පවසයි.

Visits: 62