LION සහ DIST සහ CCS සාර්ථකත්වය දර්ශක අගයන් ඉහළ නංවයි

අද (ජූනි 09) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථක තත්ත්වයට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර සහ පාන වර්ග අංශයෙහි විශාල සමාගම්හි කොටස් වටිනාකම් හි ඉහළ යාම් ඊයේ දිනයේ වෙළෙඳ පොළ තුළ ඇති වූ පසුබැසීම් යම් පමණකින් මඟහැරවීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් අද දිනයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.47ක දෛනික පිරිවැටුම පෙර දිනයට සාපේක්ෂව 26%කින් පසුබැසීමක් පෙන්නුම් කර ඇති අතර, එය අවසන් ගනුදෙනු දින නවයේදී වාර්තා කළ අඩුම පිරිවැටුම ලෙසද සැලකෙයි.

එසේම ආසන්න දින කිහිපයේදී වාර්තා කළ විදෙස් ආයෝජන පිටතට ගලායෑම්හි අඩුවීම් හි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේදී දළ විදේශ ආයෝජන පැමිණීමක් වාර්තා කළ අතර එය ගනුදෙනු දින 13කට පසුව විදේශ ආයෝජන පැමිණීමක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,540.36ත් ඒකක 7,575.04ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,564.26ක් බවට
පත්විය. එය ඊයේ (ජූනි
08) දිනයට සාපේක්ෂව ඒකක 22.06ක් එනම් +0.29%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+5.53), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+5.33), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+5.19), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.23), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.15), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට්ෆි නෑන්ස් පීඑල්සී NIFL (-3.87), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.88), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.63), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-1.5), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.49) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,042.47ක අගයක් ගත් අතර, එය ඊයේ (08දා)‍ට සාපේක්ෂව ඒකක 9.46 ක එනම් +0.31%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (08දා) වාර්තා කළ රුපියල් බිලියන 2.0ට සාපේක්ෂව -26.1%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.35ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.13%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 78.07ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 56.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම් හි වටිනාකම රුපියල් මිලියන 21.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල්බි ලියන 25.82ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 27.82 කි. එසේම සිලෝන්ටො බැකෝ කම්පැනි පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.46ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 426ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 338ක සහ රුපියල් මිලියන 199ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 287